saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8302 hours ago

LATEST

අප්‍රේල් සිට ලබාගත් සාම්පල 27915කින් 392ක් ධනාත්මකයි

calendar_today 2020 ජුලි 16 - 15:44 remove_red_eye - 296  

අප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තමන්ට අද බනින අය තව අවුරුදු 25 කට පස්සේ තමන් මියගිය පසු මීට වැඩිය තමන් ගැන කථා කරාවි යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අඟුලාන පොලිස් ස්ථානයට ප්‍ර දේශවාසීන් ගල් ගැසීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව, මෙරට පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාවට නංවා ඇති පාසල් පෝෂණ වැඩසටහන බලගැන්වීමට පියවර ගෙන ඇත.

Read More

නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (16) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

Read More

කොරෝනා සඳහා විදේශයෙන් ලැබු මුදල් හා භාණ්ඩ සමිබන්ධව අගමැති මහින්ද රාජපක්ෂ හෝ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අසත්‍ය ප්‍රකාශ කරන බවත් දෙදෙනාගෙන් එක් අයෙක් ඉදිරියේදී සී .අයි .ඩී ගෙනියන බවත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

Read More

මෙතෙක් කල් විශ්වවිද්‍යාල නොපැවති දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් ඉදිකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය , සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

දිවයින පුරා වනජිවි නිලධාරින් හෙට දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියමාර්ගයකට එළඹිමට නියමිතයි.

Read More

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත , යුද හමුදා නිලධාරියකු ,නිවාඩු පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වීමත් සමඟ ,ඔහු සංචරණය කළ පිළියන්දල ප්‍රදේශයේ සමීපතමයින් හා සංචරණයට ලක් වූවන් එකසිය දහතුන් දෙනෙකු අද (16) දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජනතාවට විදුලි බිලේ සහනය ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් විදුලි වියදමෙන් කොටසක් රජය විසින් දැරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පොල්පිතිගම - කනපද්දන් වැවේ දියනෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සාහයන් නැවැත්වීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී ඊයේ (15) දින පැවැත්විණි.

Read More

මේ යටතේ එක් ගොවියෙකුගෙන් උපරිම වී කිලෝ 5000ක් මිලදී ගැනීමට නියමිතය. එහිදී තෙත වී කිලෝවක් රුපියල් 42කටත් වියළි වී කිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනිමට නියමිතය.

Read More

උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍යාධාර ලබාදීමට ඉන්දීය රජය සහාය පළ කර තිබේ.

Read More

මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දි ඊයේ (15) දින රාත්‍රියේ සහ අද (16) දින අලුයම මනම්පිටිය සහ ලක්ෂඋයන ප්‍රදේශවල දි දුම්රියේ වැදි දෙදෙනෙකු මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය කියයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වසරේ සැප්තැම්බර් මස දක්වා මුලික වැටුපෙන් සියයට 50ක් හේ මසකට රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ඊයේ (15) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 243,506 ක් මරණ 34,997 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 130000ක් සිදුකර අවසන් බවත් පළමු පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයට දින 95ක් ගත වුවත් දෙවැනි පරීක්ෂණ 100000 ගත වන්නේ දින 24ක් බවත් ඔහු පැවැසීය.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙවර මහ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණ පැමිණිලි 3210ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

පොහොට්ටුව මේ මොහොතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනි කළොත් අපේක්ෂිත අරමුණට ළගාවීම දුෂ්කර වන බවත් අපේ අරමුණ විය යුත්තේ මේ මැතිවරණයේදි ශක්තිමත් පාර්ලිමේන්තුවක් සැදීම බවත් දකුණු පළාත් හිටපු අමාත්‍ය හා ගාලු දිසාවෙන් මෙවර පොහොට්ටුවෙන් තරග වදින ෂාන් විජයලාල් මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරෙහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් දහතුන් (13) දෙනෙකු මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් වශයෙන් පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිඟමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය 2020 අයවැය මුලික පුරෝකථන අනුව රුපියල් 90,000ක අලාභයක් ලැබිය හැකි බව ඇස්තමේන්තු ගත කර තිබේ.

Read More

ලොව වැඩිම ආසාදිතයන් සහ වේගයෙන්ම ආසාදිතයන් පැතිරෙන රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 35ක සීමාවට පැමිණ ඇති අතර, මරණ සංඛ්‍යාව 137,350 ඉක්මවා තිබේ.

Read More

ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ප්‍ර දේශවාසීන් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වැනි බලසේනා මූලස්ථානයේද සහාය ඇතිව ශිෂ්‍යයින් රක්ෂිතයේ අතරමන්ව සිටියදී නිරුපද්‍රිතව මුදවා ගෙන අද උදෑසන ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.

Read More

මීගලෑව පොලිස් වසමේ යාය 03 ඇළේ කාන්තාවක් තම කුඩා දියණිය සමගින් දිය නාමින් සිටියදී කුඩා දැරියව කිඹුලෙක් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමග ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 9ක් දක්වා වර්ධනය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.