අනවසරයෙන් තේවත්තේ මැණික් ගැරිමට ගිය පුද්ගලයෙකු පස්කන්දට යටවි මරුට
බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් තේ වත්තේ මැණික් ගැරිමට ගිය එක්දරු පියෙකු පස් කන්දකට යටවි ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත්වි ඇත්තේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායේ බ්ලුන්ෆිල්ඩ් කොටසේ පදිංචිව සිටි රාමසාමි අමිලචන්ද්රන් නැමති 21 හැවිරිදි එක්දරු පියෙකි.
ඊයේ දින රාත්‍රි 9 ට පමණ නිවසින් පිටතට ගිය තම සැමියා යලිත් නිවසට නොපැමිණි බව පැවසිමත් සමග එම වතුයායේ වතු කම්කරුවන් අද දින උදෑසන සිටි එම වතුයායේ සිදු කල සොදිසි මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි එක්දරු පියාගේ සිරුර තේ වත්තේ වලක පස් කන්දකට යටවි තිබෙන බව දැක ඒ පිලිබදව මස්කෙලිය පොලිසිය දැනුම් දි ඇත.
මස්කෙලිය පොලිසිය විසින් පස් කන්දට යට වි ජිවිතක්ෂයට පත් වු එක්දරු පියාගේ සිරුර ගොඩගෙන සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරිමට පියවර ගෙන ඇත.
සිරුර ගොඩ ගන්නා අවස්ථාවේ ඔහුගේ දැතේ යකඩෙන් තැනු නරස්සනයක්ද තිබු බවයි පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

