saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8247 hours ago

LATEST

ඇඹිලිපිටිය කඩදාසි කම්හලටත් පණ දෙනවා - විමල්

calendar_today 2020 ජුලි 28 - 17:05 remove_red_eye - 283  

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ටොන් 50කට ආසන්න ප‍්‍රථම කඩදාසි තොගය මේ මාසයේ අගදී අපි වෙළඳපොළට නිකුත් කරනවා. වාලච්චේන කම්හලේ යන්ත‍්‍රසූත‍්‍ර යථා තත්ත්වයට පත් කිරීම බොහෝ දුෂ්කර වුණා.

අයථා ආකාරයෙන් අයථා ආකාරයෙන් උපයාගත් බවට පවසන මුදල් පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

Read More

මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයින්ට හිමි මනාප තුනම භාවිතා කොට රටට ජාතියට වැඩක් කළ හැකි නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත්කිරීම යුතුකමකට වඩා එහා ගිය වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

හිස් ආවරණයක් හෝ නොමැතිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් යතුරු පැදි ධාවනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාවය පළකළේය.

Read More

සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ටී. 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මුහුණු පොත හරහා සංවිධානය වී කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වීමේ චෝදනා ලද තරුණයන් 36 දෙනාට රුපියල් ලක්ෂ 14 දඬයක් නියම කිරීමට කැස්බෑව අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

Read More

සේවයට වාර්තා කරන සේවකයින්ට සහ නිවසේ සිට ඩිජිටල් තාක්ෂණය මඟින් හෝ වෙනත් ආකාරයකින් සේවය කරන සේවකයින් සඳහා සේවායෝජක විසින් සාමාන්‍ය පරිදි වැටුප් ඇතුළු සියළු දීමනා පෙර පරිදි ගෙවීමට බැඳී සිටින බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර මහතා පවසයි.

Read More

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ අපේක්‍ෂකයකු විසින් අභියාචනාධිකරණයට අද (28) පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

Read More

වාරියපොළ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ ලියකියවිලි ඉදිරිපත් කරමින් , වෙළෙඳ නැවක සේවය කිරීම සදහා නැවියෙකු ලෙස පෙනී සිටිමින් , යුරෝපය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අද (28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

විෂ මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලීසිය විසින් හඳුන්වාදුන් දුරකතන අංකවලට අමතරව තවත් තොරතුරු ලබාදිය හැකි මාර්ග පොලීසිය විසින් ඉදිරිපත් කර තිබේ.

Read More

එජාපයෙන් ගිය මන්ත්‍රීවරුන් 110කගේ පක්ෂ සමාජිකත්වය ඉවත් කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 175ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ජනපතිවරණයේදී ලැබු ජයග්‍රහණය හේතුකොටගෙන මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බහුතරයක් සහිත ජයග්‍රහණයක් බලාපොරොත්තුවිය නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක සහ මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක රවුෆ් හකීම් මහතා කීය.

Read More

පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් වනාතමුල්ල ග්‍රාම නිලධාරීනිය හා ඇයට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ශන කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

Read More

ඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ 2016 වසරේ ජනවාරි 04 දින සාදයක් අතර පොලිස් නිලධාරින් එහි පැමිණීමෙන් පසු කලබලකාරී තත්ත්වය හමුවේ මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නැමැති විසිනව හැවිරිදි එක්දරු පියාගේ මරණය එවකට ඇඹිලිපිටිය පොලිසියේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්. ධර්මරත්න මහතාට විරුද්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට නඩු පැවරිමට රහස් පොලීසිය අද 28 ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 2 සිට හෙට (29) අලුයම 2 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

මන්නාරම මඩු කීරිසුඩ්ඩාන් රක්ෂිතය අනවසරයෙන් නීතිවිරෝධීව එළිපෙහෙලි කරමින් තිබූ වැඩසටහනක් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට පියවර ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ඊයේ (27) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 246,286 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,112 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධි ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසිකිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෙසෙල්වලත්ත, මිලානියා වීදි ප්‍ර දේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

දෙකෙන් එකක් බේර ගන්න ඕන. මේ රටේ නීති හැදෙන්න ඕන සිංහලයන්ට අවශ්‍ය පරිදි. මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් පටන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අදාළවෙයිද දන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා සජිත් ඇතුළු හැම කෙනාම චින්තන ජිහාඩයට ගොදුරු වෙලා ඉවරයි.

Read More

වළක්වා ගැනීමට මෙන්ම මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අසමත්වීම හේතුවෙන් ලංකාවේ දිනකට තිදෙනෙක් මුඛ පිළිකාව හේතුවෙන් මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැළයක් බැගින් සිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්‍ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

කන්දකාඩු පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 597ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ඊයේ (27දා) සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියින් 17කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගිනි.

Read More

පේරාදෙණිය පොලිස් වසමේ ගම්පොළ මාර්ගයේ ගෙළිඔය, කරමඩ ප්‍ර දේශයේදී යතුරුපැදියක්, පදිකයෙක්, ත්‍රිරෝද රථයක් හා කාර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සිම්බාබ්වේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කටයුතු රැසක් අත්හිටුවා ඇති අතර, එරට සමස්ත ආසාදිත අගය 2,512ක් සහ මරණ 34කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.