ආරක්ෂාව සම්බන්ධයෙන් මම දෙවැනියට හිටියේ නෑ - රුවන්
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් දෙවැනියට සිටිය බව පැවැසිය නොහැකි යැයි හිටපු ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
ඊයේ පාස්කු ප්‍රහාර කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
තමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වුවත් ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ හා පොලීසිය තමන් යටතේ නොතිබුණ බවද ඔහු පැවැදසීය.
“ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ නිලතලයක් විතරයි, මට ලබා දී තිබුණ ආයතන, ගැසට් එකෙන් වෙනම අමාත්‍යාංශයක් හැටියට තමයි වැඩකටයුතු කළේ. මගේ අමාත්‍යාංශයේ තිබුණේ. මම භාරව හිටියේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බළකාය. ඔය හතර තමයි මට ගැසට් පත්‍රයකින් භාරදී තිබුණේ.
ඒ නිසා ඒ විශයන්ට තමයි මගේ රාජකාරිය ගොන වුණේ. පොලීසියත්, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව යන සියල්ල මගේ යටතේ ආවේ නැහැ, ඉතින් මට කියන්නට බැහැ රටේ ආරක්ෂාව මගේ අතේ, මම දෙවනියා හැටියට හිටියයි කියලා. තනතුරක් විතරයි තිබුණේ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

