බණ්ඩාරගම අටුළුගම මාරාව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමට ගිය බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාරියන් සිව් දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනා ලබන මස 8 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පානදුර අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා චන්ද්‍ර රත්න නියෝග කළාය .
මෙලෙස තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් ශරිෆ් මොහොමඩ් රිෆායි නොහොත් ගොටුකොළ රිෆායි ඇතුළු 14 දෙනෙකි
සිද්ධියේ 6 සැකකාරිය වන 15 හැවිරිදි බාල වයස්කාර මොහොමඩ් හස්මාන් මොහොමඩ් සුබෙයි හස්බා නැමැත්තිය තවදුරටත් කඩවත රම්මුතුගල රැදවුම් බාලිකා නිවාසයේ පරිවාස භාරයේ තබන ලෙස වැඩිදුරටත් නියෝග කළාය .
ඉකුත් 9 නව වෙනි දින අටලුගම මාරාව ප්‍රදේශයේදී දී පොලිස් නිලධාරීන්ට මෙම සැකකරුවන්ගේ ප්‍රහාරය එල්ල වී තිබිණි . .
