අටුලුගම මාරාවේ දී පොලිස් නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් යළි රිමාන්ඩ්
බණ්ඩාරගම අටුළුගම මාරාව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමට ගිය බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාරියන් සිව් දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනා ලබන මස 8 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පානදුර අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ලලිතා චන්ද්‍ර රත්න නියෝග කළාය .
මෙලෙස තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් ශරිෆ් මොහොමඩ් රිෆායි නොහොත් ගොටුකොළ රිෆායි ඇතුළු 14 දෙනෙකි
සිද්ධියේ 6 සැකකාරිය වන 15 හැවිරිදි බාල වයස්කාර මොහොමඩ් හස්මාන් මොහොමඩ් සුබෙයි හස්බා නැමැත්තිය තවදුරටත් කඩවත රම්මුතුගල රැදවුම් බාලිකා නිවාසයේ පරිවාස භාරයේ තබන ලෙස වැඩිදුරටත් නියෝග කළාය .
ඉකුත් 9 නව වෙනි දින අටලුගම මාරාව ප්‍රදේශයේදී දී පොලිස් නිලධාරීන්ට මෙම සැකකරුවන්ගේ ප්‍රහාරය එල්ල වී තිබිණි . .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

