saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 8670 hours ago

LATEST

කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිමට ගාල්ලේ රෝහල් තුනක්

calendar_today 2020 ඔක් 27 - 22:20 remove_red_eye - 472  

කොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.

ඔවුන්ගෙන් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 156 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමතියි පොම්පියෝ ආවට කමක් නෑ අපි ඒකට විරුද්ධයි. ඒත් මේ රටේ ජනතාව පිම්පියෝ කරන්න නම් එපා.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දෙදින නිල සංචාරයක් සදහා 10/27 දින රාත්‍රී එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මොරටුව ,පානදුර , හෝමාගම යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව යුදහමුදාපතිි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර වෙළඳසැල් සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට මේ මොහොතේ සිට පියවර ගත් බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසීය

Read More

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශ තළ සතියට දින දෙකක් ලෙස උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් විවෘතව තැබීමට නියමිතව තිබේ.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද (27දා) රාත්‍රී 7.35 ට දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

දෙවැනි කොවිඩ් රැල්ලේ පැතිරයාමට බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පාලකයින්ගේ, නියෝජිතයින්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ලක් හෝ අපරීක්‍ෂාකාරීත්වයක් හේතු වූයේ ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර සති දෙකක කාලයක් තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (27දා) නියම කළේය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිම අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරියට සහ විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Read More

උසස් පෙළ විභාගය පැවති ගම්පහ නගරයේ පාසලක විභාගශාලා පරීක්ෂකවරියක් සහ ඇයගේ සැමියා කොවිඩ් 19 ආසාදිතයින් බවට පී.සී.ආර්. පරීක්ෂාවේදී තහවුරුවී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

එසේම මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 5232ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකායෙව් තවත් කොරෝනා ආසාදිතයින් 293 දෙනෙකු වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මක වන කොවිඩ්-19 වෛරසය පාලනය හා මර්දන වැඩපිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත්, ඒ සදහා අවශ්‍ය සෑම සියලු සහයෝගයක් ම ලෝක බැංකුව මගින් ලබාදීමට කටයුතු කරන බවත්, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස් මහතා ප්‍රකාශ කළේය.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා හදිසි මාර්ග ඉදිකිරීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් ශ්‍රී ලංකාවට සිදුකර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් තම අමාත්‍යාංශ නිලධාරීන් විසින් කෙටුම් පත් කරමින් සිටින බවත් එය ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බවත් වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි කුඩා බිලිඳකු ඇතුළු තරුණඅඹු සැමි යුවලක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනඑම පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අද (27) නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය .

Read More

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තා වුන නෙක්ස්ටි සහ චිප්පේ ඇගලූම් කම්හල් දෙකකට අමතරව කලාපයේ තවත් ඇගලූම් කර්මාන්තශාලා තුනකින් කොරෝනා ආසාදිතයන් අද (27) වනවිට වාර්තා වි ඇති බව සිදුව කටුනායක පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පවසයි.

Read More

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිකිරීම සඳහා වැල්ලවාය නගරය ආසන්නයේ අංගසම්පූර්ණ ආර්ථික මධ්‍යස්ථානයක් ඉඳිකිරීමට සැලසුම් කැර ඇතැයි වී හා ධාන්‍ය, කාබනික ආහාර,එළවළු,පලතුරු,මිරිස්, ලූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා පැවසීය.

Read More

කහතුඩුව සෞඛ්‍යය නිලධාරී බලප්‍රදේශයෙන් 27දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 21 දෙනකු වාර්තා වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය .

Read More

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවිමෙන් ඇඹිලිපිටිය සතිපොළ හා විදි වෙළදාම තාවකාලිකව නැවැත්විමට ඇඹිලිපිටිය නගර සභාව අද (27) පියවර ගත්තේය.

Read More

මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් - 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී ඇත.

Read More

වේල්ල වීදිය පොලීසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි වෙල්ල විදිය පොලිසිය කියයි

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නොවැම්බර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.

Read More

ඊයේ දිනයේදී කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 74ක් හඳුනාගෙන තිබේ.

Read More

මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති​ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020-10-27 සිට 2020-11-27 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ

Read More

යහපාලන සමයේ දී ඇතැම් දේශපාලන හිතවතුන් ප්‍රධාන රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගෙන සැලසුම් සහගත ලෙස ඒවා පැහැර හැර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.