දෙවැනි කොවිඩ් රැල්ලේ පැතිරීම ගැන නීතිපති විමර්ශනයක් ඉල්ලයි
දෙවැනි කොවිඩ් රැල්ලේ පැතිරයාමට බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලකයින්ගේ, නියෝජිතයින්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ලක් හෝ අපරීක්‍ෂාකාරීත්වයක් හේතු වූයේ ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර සති දෙකක කාලයක් තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (27දා) නියම කළේය.
නීතිපතිවරයාට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පැවරී ඇති බලතල අනුව මෙම විමර්ශනය සිදුකිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට නියම කොට ඇති තිබේ.
කොවිඩ් රෝගය පැතිරයාමට ඔවුන් සිදුකොට ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල්ද නොඑසේ නම් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල්ද යන්න පිළිබඳ මෙම විමර්ශනයේදී සොයාබලන ලෙස ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය පැවසවාය.
බ්‍රැන්ඩික්ස් කොවිඩ් 19 වසංගත පොකුර නිසා මනුෂ්‍ය ජීවිතයට සිදුව ඇති අන්තරාදායක තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළ නීතිපතිවරයා පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා මේ පිළිබඳව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ උපදෙස් ලබාදී ඇත.
මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පළපුරුදු විමර්ශන නිලධාරීන් යොදවන ලෙස උපදෙස් ලබාදී ඇති නීතිපතිවරයා මේ පිළිබඳව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 13 වැනිදාට පෙර තමාට වාර්තා කරන ලෙස ද වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
popular news
-
Balla Wednesday, 28 October 2020 01:24 PM
Thawath booruwel ballekge wadak karanna yanawa. Munta adala prashna eleokotiyakata goda gahila. Maha ekage idan podima eka dakwa me rate karanne adala nathidemayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

