saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7853 hours ago

LATEST

20ට පක්ෂව විපක්ෂයේ පිරිසක් ඡන්දය ප්‍රකාශ කරයි

calendar_today 2020 ඔක් 22 - 20:07 remove_red_eye - 2712  

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිමේදි විපක්ෂය නියෝජනය කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකද පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම විශේෂත්වයකි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ඇරඹෙයි.

Read More

ව්‍යාජ ඔප්පු සකස් කර තලේමන්නාරම් ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ක්‍රියා කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ පැමිණිල්ල ජනවාරි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාග අපේක්ෂකයින් මීට පෙර වර්ෂයක පැවැත්වූ මෙම විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා පෙනී සිට ලකුණු 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් යළි එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනීසිටීම අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විවාදය අතරතුර ජනපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ඉන් පිටත පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 28 ක සේවකයින් 358 දෙනෙකුට 10/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

පසුගිය දින 7ක කාලය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ ඇත්නම් හා දැනට නිරෝධානයට ලක්ව නොමැතිනම් තම තොරතුරු ළගම සිටිනා මහජන පරීක්ෂකවරයාට ලබාදී පී.සී.ආර්. පරික්ෂණයකට යොමුවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

Read More

හිටපු ජනපති සාක්ෂි දීමෙන් පැයකට පසු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමිසමෙන් පිටව යයි.

Read More

කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

අමාත්‍ය විමල් වීරවංශ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර අද (22දා) පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනමට එරෙහිව දමිල ඊළාමය සඳහා සංක්‍රාන්ති රජය නම් සංවිධානය ඉදිරිපත් කර තිබූ ඇපෑල විභාගයට ගැනීමට එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද( 22) සිට 29 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

Read More

ගම්පහ සහ කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර හා කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳ විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිවු දෙනෙකු අනුයුක්ත කර තිබේ.

Read More

LTTE සංවිධානය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් ගත් තිරණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් පීසීආර් පරීක්ෂණ අද (22) පැවැත්වෙයි.

Read More

ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි විරහිතව සහාය දක්වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහා පැවැසීය.

Read More

රටේ සිංහල බෞද්ධ ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතු බවත් එය 20වැනි සංශෝධනයට ඇතුළත් කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ පහක මාළු වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් හා සේවකයින් එකසිය පනස් දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ (22) දා සිදු කල බව, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය

Read More

අද (22) සවස 6 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

Read More

කොළඹ වරායේ සේවයේ නියුතු වලල්ලාවිට ගුලවිට පදිංචි අයෙකුට කොවිඩ් ආසාධිත විමත් සමගම ඔහුගේ පවුලේ තවත් පස්දෙනෙකුට රෝගය ආෂාධිත වී ඇති බව වලල්ලාවිට සෞඛ්‍ය අංශ කියයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇමෙරිකානු කොඩිය පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරමින් විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සිදු කළේය.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට ලොරියකින් දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය ට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් අද 22 එම වෙළෙඳ සංකීර්ණය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ඩ් අජිත් සංජීව මහතා පැවසීය

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන ඇත.

Read More

යම්කිසි විදිහකින් මාළු පිරිසිදු කිරීමක්, අතපත ගෑමක් ස්පර්ශ කිරීමක් සිදුවෙනනවා නම් ඉන් පසුව අත හොඳට හොදනවානම්, මුහුණ ඇල්ලීමෙන් වළකිනවානම් අපිට පුළුවන් මාළුන්ගේ පෘෂ්ඨය මත කොවිඩ් වෛරසය රැදී තිබෙනවානම් එය තවත් අයෙකුට පැතිරීම වළක්වා ගැනීමට

Read More

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය වෙත ඉකුත් දින කීපය තුළ මාළු මිලදී ගැනීම සඳහා ගිය කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් වෙතොත් නොපමාව ඉදිරිපත් වී සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළහි ආශ්‍රිතයින් 863 ක් නිරෝධායනයට යොමුකර තිබේ.

Read More

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 60 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.