16 හැවිරිදි පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන ග්රාම නිලධාරිවරයකු අද (27) අත්අඩංගුවට ගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.
මෙකි ග්රාම නිලධාරිවරයා 38 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකු වන අතර මෙකි ග්රාම නිලධාරිවරයා හබරාදුව ප්රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරිකරන අයෙකි. අපයෝජනයට ලක්ව ඇති පිරිමි දරුවා හබරාදුව කටුකරුන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ග්රාම නිලධාරිවරයා විසින් මොහුට ගණිතය උගන්වා ඇති බවද පොලිසිය පවසයි.
එහිදි මෙකි පිරිමි දරුවා අවස්ථා ගණනාවකදි අපයෝජනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට සැකකාර ග්රාම නිලධාරිවරයා හෙට (28) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස්පරික්ෂක ප්රියන්ත උදය කුමාර මහතාගේ උපදෙස් මත කාන්තා උප පොලිස් පරික්ෂිකා මනුෂිකා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.