කොරෝනා එන්නත පෙබරවාරි මුල සිටම උතුරේ ජනතාවට ලබාදීමේ සූදානමක්
ඉන්දියාවේ සිට ගෙන ඒමට නියමිතව තිබෙන කොරෝනා එන්නත එළඹෙන පෙබරවාරී දෙවන සතියේ සිට ලබාදීමට සූදානමක් ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.
යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී කොරෝනා එන්නත ශ්‍රීලංකාවට ලැබීමෙන් පසුව උතුරු පළාතේ බෙදාහැරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා මේ බව පවසා සිටීය.
එහිදී වැඩිදුරටත් අදහස් පලකර සිටි වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියේ හෙට (28) දිනයේදී කොරෝනා එන්නත ලැබෙන්නේ නම් අනිද්දා දිනයේ සිටම එන්නත ලබා දීමට රජය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව කොරෝනා එන්නත පළමුව සෞඛ්‍ය නිලධාරීන්ටත් අනතුරුව ආරක්ෂක අංශ නිලධාරීන්ටත් ලබා දීමෙන් පසුව ජනතාවට ලබා දිමට පියවර ගෙන තිබෙනවා. එය කඩිනමින් සිදුවන හෙයින් පෙබරවාරි දෙවන සතියේ සිටම උතුරු පළාතේ ජනතාවටත් කොරෝනා එන්නත ලබා දීමේ හැකියාව පවතින බවට තමන් බලාපොරොත්තු වන බවටය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

