saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7807 hours ago

LATEST

ඇමෙරිකාවේ කොවිඩ් ලබන මාසයේදී දෙගුණ විය හැකිලු

calendar_today 2020 නොවැ 07 - 07:26 remove_red_eye - 406  

දැඩි සත්කාර ඒකක අධික ලෙස පිරී යන්නේ නම් නැවත අගුලු දැමීම අපේක්ෂා කළ යුතු බවත්, නිවසේ රැඳී සිටීමේ නියෝග ක්‍රියාත්මක කළ යුතු බවත් හාවඩ් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය මාක් ලිප්සිච් අවධාරණය කරයි.

පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ට්‍රම්ප් වැඩි බලාපොරාත්තු තබා තිබූ ප්‍රාන්තවල ඉදිරියට පැමිණීමට බයිඩන් මේ වනවිට සමත්ව තිබීම ඔහුගේ ජනාධිපතිවරණ සිහිනය තවදුරටත් සමීප කර ඇත.

Read More

(LONG READS)කලාවක් තුළ නියැළීමට නිර්මාණශීලීත්වය මෙන්ම සංයමයද අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලාවන් තුළ නියැළෙන කලාකරුවන්ගේ සංයමය ඔවුන්ගේ නිර්මාණ තුළින් පිළිඹිබු වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 49,200,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

එම ප්‍රවෘත්තිය තුළින් එක් දිනක් තුළ රෝගීන් 30ක් වාර්තා වන බවට හැඟෙන පරිදි වාර්තා වී තිබුණත් මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මිනුවන්ගොඩ පළමු ආසාදිතයා වාර්තා වී මාසයක කාලයක් ඇතුළත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

මෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ

Read More

මාර්ග නීති කඩකළ රියදුරන්ට ඒ සඳහා පොලිස් නිලධාරීන් විසින් නිකුත් කර ඇති දඩ ගෙවීම සඳහා සහනදායි වැඩපිළිවෙලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

Read More

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් රෝගීන් 187ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

Read More

2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය

Read More

රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 71 දෙනෙකු මේ වන විට වාර්තා වි ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි .

Read More

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 213 දෙනෙක් වාර්තා වෙයි.

Read More

ශල්‍යකර්මයකට ලක් කළ රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

අද (06දා) දහවල් පුත්තලම ආනන්ද විදුහල අසළදී පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇති තැනැත්තා නිරෝධානයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.

Read More

ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත් භාවයට පත්වීමට ආසන්න මෙහොතක කොවිඩ් වසංගතය එය තවත් වේගවත් කරන බවත් ආර්ථික පුනර්ජීවන වැඩසටහනක් නොතිබුණහොත් ඉදිරියේදී රට බංකොලොත්වීම නවතාලිය නොහැකි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

අලුත්ගම නගරයේ රාජ්‍ය බැංකුවල හා සෙසු රාජ්‍ය ආයතන වල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සිය දෙනෙකු සඳහා අද (06) පී.සී.ආර් පරීක්ෂණ අලුත්ගම දී සිදුකළ බවට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පැවසීය.

Read More

උණ රෝගී තත්ත්වයක් මත 1990 ගිලන් රථ සේවයෙන් රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලට ඇතුළත් කළ මුල්‍ය පහසුකම් සපයන රත්නපුර නගරයේ ලීසිං ආයතනයක සේවය කළ කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වු සේවකයා ඇසුරු කළ සමීපතම ආශ‍්‍රිතයන් නිරෝධායනයට ලක්කර පීසීආර් පරීක්‍ෂණ සිදුකිරිමට උපදෙස් දුන් බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද පැවසුවේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (06) පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළේය. කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු නිසා සභාවේ දෛනික සේවා මිද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබේ.

Read More

කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙන ප්‍රධාන බස් නැවතුම්පොළේ සවිකර තිබෙන රූපවාහිනී තිරයක අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල පොලීසියට දැනුම් දී ඇත.

Read More

වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳට, දියණියට සහ පුතුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Read More

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කර ඇති ණය සඳහා අදාළ සහන කාලය ලිඛිත ඉල්ලීමක් කරනු ලබන ණයලාභීන් සඳහා තවත් මාස 3 කින් දීර්ඝ කරන බව මහ බැංකුව දැනුම් දෙයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 563ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය හුදෙකලා තත්ත්වයෙන් මුදාහැර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.

Read More

තලාතුඔය නගරය ආශ්‍රිත පෙදෙස් වලින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග සෞඛ්‍ය බලධාරීන් ගේ ඉල්ලීම මත තලාතුඔය නගරය හෙට (07) සිට වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව තලාතුඔය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා පවසයි.

Read More

දකුණු පළාතෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 133 දෙනෙකි.

Read More

වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ මෙහෙයවීමෙන්, මෙවර කඨින චීවර පූජාවේ දාන ශාලාව පොලිතින්, ප්ලාස්ටික් භාවිතයෙන් තොරව පරිසර හිතකාමි සම්ප්‍රදායික මැටි භාණ්ඩ උපයෝගී කරගෙන චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත් වීමට සැලසුම් කර ඇත. මැටි භාජන භාවිතය, ප්‍රවර්ධනය කිරීම සදහා වූ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක කඨින චීවර පූජාව හා සංඝගත දක්ෂිණාව, පසුගිය 04 දා නිකවැරටිය, සුධීරගම, කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවනේදී,

Read More

පේදුරුතුඩුව - කොඩිකාමම් මාර්ගයේ මුල්ල හන්දියේ මාර්ග සංවර්ධන කටයුතු කරමින් සිටින පුදගලයෙකු ගල් රෝලකට යටවී තුවාල රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව තුල මතුව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආගමික කටයුතු සඳහා එක් රැස්විය හැකි ප්‍රමාණය 25 කට සීමා කර මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් අද (06) සිකුරාදා දිනයේ මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නොපවත්වා ඒ වෙනුවට 25 දෙනෙකු පමණක් සහභාගි කරගෙන ලුහර් සලාතය ඉටු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩලවලට දන්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.