saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7802 hours ago

LATEST

කටුනායකට රොබොටික් PCR පරීක්ෂණ පහසුකම්

calendar_today 2020 නොවැ 08 - 11:19 remove_red_eye - 1318  

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහස

මුල්ලේරියාව රෝහලේ ප්‍රයෝජනය සඳහා පී.සී.ආර්. යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ මරණයට පත්ව ඇති බව හලාවත රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි.

Read More

මැදපෙරදිග රටවල් 03 ක සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු , එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

චීනය විසින් ඉතාලිය, රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, පිලිපීනය, බෙල්ජියම, යුක්රේනය සහ බංග්ලාදේශය යන රටවලින් චීන නොවන ජාතිකයන් එරටට පැමිණීම සීමා කර තිබේ.

Read More

බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජාගේ තත්ත්වය ස්ථාවර වන අතර, ඔහුට කොරෝනා වෛරසයේ මෘදු රෝග ලක්ෂණ පවතින බව එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.

Read More

කෙසේ වෙතත් රෝගීන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

Read More

නව සාමාන්‍ය තත්ත්වය යටතේ රට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග ඔහුගේ ආධාරකරුවන් වීදිවලට පැමිණ ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකිවූ අතර, ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ට වඩා යම් ආකාරයක සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන පිරිස් ඒ අතර වූහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,250,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

තත්ත්වය මෙසේ වුවද මේ වනවිටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද ගණන් කර අවසන් නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනා ගනියි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු අසාදිතයෙකු හමුවිම නිසා වසා දමා තිබු හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්‍යඅ වෙළදපෙලේ විෂබිජහරණයට ලක් කිරිමට ඊයේ දින පැමිණි හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙළදසැලේ තිබු මුදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එම මත්ස්‍ය වෙළදපොලේ කළමණාකාරවරයා පැවසිය.

Read More

තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇත.

Read More

නාවික ඊයේ දින වයඹ නාවික විධානයේ සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 5711කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

පෑලියගොඩ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගාල්ල කරන්දෙණිය දිස්ත්‍රික් රෝහල අද සිට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

Read More

11/07 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 201 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි එකම පවුලේ 05දෙනකුට කාරෝනා ආසාදනය වී ඇතැයි අද(07) සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වි ප්‍රතිකාර ලැබූ තවත් 537 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් වසංගතයේ දෙවන රැල්ලේදී වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරිමට තීරණය කරනු ලැබ ඇ​ත.

Read More

පුරන් වු කුඹුරු අස්වැද්දිමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමිව නාවලපිටිය බව්වාගම කරන්දෙණිය වෙල්යායේ පුරන් වු කුඹුරු අක්කර 17 ක් අස්වැද්දිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් එම වෙල්යායේදි අද දින සිදු කෙරිණ.

Read More

කටුගස්තොට මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය වෙත අද 07 එළවළු තොග විශාල වශයෙන් ලැබුණු බවත් ව්‍යාපාරික කටයුතු සුපුරුදු පරිදි සිදු වූ බවත් ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි බවත් වෙළද සංගමය කියයි.

Read More

අපි ඡන්ද සමූහ (electoral college) 300කට වඩා බලාපොරොත්තු වෙනවා. රටම අප සමග සිටින නිසා, අපි පැහැදිලි බහුතරයකින් මේ තරඟය ජයග්‍රහණය කරමින් සිටිනවා.’’ ඩිමොක්‍රැටික් අපේක්ෂක බයිඩන් අමතයි.

Read More

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’මැතිවරණ රාත්‍රිය දක්වාම මේ සෑම ප්‍රාන්තයකම මම විශාල ඡන්ද ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටියා. නමුත් දින ගෙවීයත්ම ඒ සංඛ්‍යා අරුම පුදුම ලෙස අතුරුදන් වී තිබෙනවා. අපගේ නීතිමය කටයුතු ඉදිරියට යනවිට ඒ අප ලැබූ ජයග්‍රහණය නැවත අපට ලැබෙනු ඇති!’’ ට්‍රම්ප් කියයි.

Read More

ගෙවීගිය පැය 24 තුළ ඉතාලියේ දෛනික නව කොරෝනා ආසාදිතයන් 37,809ක් සහ මරණ 446ක් වාර්තා වී තිබේ. මෙම අගයන් මාර්තු අග සිට එරටින් වාර්තා වූ වැඩිම අගයන් ලෙස සැලකෙයි.

Read More

අඛණ්ඩව දෙවැනි දිනටත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර, ගතවූ පැය 24 තුළ ආසාදන 60,486ක් වාර්තා විය. මීට පෙර දිනයේ ආසාදිතයන් 58,046ක් වාර්තා විය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.