බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතට පිවිසෙන හා පිටවෙන අධිවේගී මාර්ග විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම අවස්ථාවේ සේවය කළ වෛද්‍යවරුන් හය දෙනෙකු ඇතුළු විසි නම දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .
Read Moreමහර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ රාජකාරී කරන පවුල් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති අතර , ඇය සමග සමීපව රාජකාරී සිදු කළ තවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු ද මහර පොලීසිය සමග රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreඅනුරාධපුර පූජා නගරයේ සිටි කොවිඩ් 19 රෝගය වැලදුණු යාචකයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට නොදැනුවත්ව ඇතුලත් කිරීම හේතුවෙන් රෝහලේ අංක 17 වාට්ටුව අද (8දා) තාවකාලිකව වසා දැමූ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.
Read Moreහෙට දිනයේ සිට උදෑසන හා සවස කාර්යාල දුම්රිය ධාවනයේ යෙදවූවත් හුදෙකලා කර ඇති ප්‍ර දේශ වල පවතින දුම්රිය ස්ථානවල දුම්රියන් නොනවත්වා ධාවනය වෙයි. එසේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන පහත පරිදි වෙයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 562ක් අද (08) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 654 දෙනෙකු 8 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති නිරෝධායන උපදෙස් නොපිළිපදමින් කටයුතු කල හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ට සහ භාණ්ඩ මිල දි ගැනිමට පැමිණි පාරිභෝගිකයන්ට හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් අද (08)දින දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.
Read Moreහුදෙකලා කර ඇති ප්‍ර දේශවල නැවැත්වීමකින් තොරව කාර්යාල දුම්රිය හෙට (09දා) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ පැය කීපයක් ප්‍රතිකාර ලැබූ රෝගියකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් අනාවරණය වීමත් සමඟ එම රෝහලට රෝගීන් ඇතුළත් කිරීම අද 8 සිට තාවකාලිකව අත්හිටවූ බව අතුරුගිරියේ ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී ජේ පි සුබසිංහ මහතා පැවසීය .
Read Moreබස්නාහිර පළාතෙ ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කළත් රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතියෙන් නිවෙස්වලට සීමා වූ නාරාහේන්පිට, දාබරේ මාවත ආශ්‍රිත පවුල් දහසකට වියළි ආහාර බෙදාදීමක් අද (08) පෙරවරුවේ නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරය අසළ ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණ.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති බවත් ඒ අනුව නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreකොවිඩි අවදානම නිසා තාවකාලිකව වසා දැමූ බණ්ඩාරවෙල එළවළු තොග පොළ මේ මස 10 වැනිදා යළි ආරම්භ කරන බව බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පැවසීය .
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.
Read Moreමුල්ලේරියාව රෝහලේ ප්‍රයෝජනය සඳහා පී.සී.ආර්. යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreසෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ මරණයට පත්ව ඇති බව හලාවත රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි.
Read Moreමැදපෙරදිග රටවල් 03 ක සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු , එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreචීනය විසින් ඉතාලිය, රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, පිලිපීනය, බෙල්ජියම, යුක්රේනය සහ බංග්ලාදේශය යන රටවලින් චීන නොවන ජාතිකයන් එරටට පැමිණීම සීමා කර තිබේ.
Read Moreබොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජාගේ තත්ත්වය ස්ථාවර වන අතර, ඔහුට කොරෝනා වෛරසයේ මෘදු රෝග ලක්ෂණ පවතින බව එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.
Read Moreකෙසේ වෙතත් රෝගීන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.
Read Moreනව සාමාන්‍ය තත්ත්වය යටතේ රට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreබයිඩන්ගේ ජයග්‍රහණයත් සමග ඔහුගේ ආධාරකරුවන් වීදිවලට පැමිණ ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකිවූ අතර, ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ට වඩා යම් ආකාරයක සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන පිරිස් ඒ අතර වූහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,250,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreතත්ත්වය මෙසේ වුවද මේ වනවිටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද ගණන් කර අවසන් නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනා ගනියි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වු අසාදිතයෙකු හමුවිම නිසා වසා දමා තිබු හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්‍යඅ වෙළදපෙලේ විෂබිජහරණයට ලක් කිරිමට ඊයේ දින පැමිණි හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙළදසැලේ තිබු මුදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එම මත්ස්‍ය වෙළදපොලේ කළමණාකාරවරයා පැවසිය.
Read Moreනාවික ඊයේ දින වයඹ නාවික විධානයේ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 5711කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreපෑලියගොඩ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read More