saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7772 hours ago

LATEST

අගලවත්ත ඇගළුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 06ක්

calendar_today 2020 නොවැ 09 - 13:41 remove_red_eye - 680  

පි.සි.ආර් පරීක්ෂණවලින් වාර්තා 74ක් අද 09දා දහවල් ලැබුණු අතර ඉන් 06දෙනෙකුට කොවීඩ් ආසාදනය වී ඇති බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දමින්ද සේනානායක මහතා කියා සිටියේය.

මාසයක පමණ කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයට පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය අද (9) අලුයම ඉවත් කළ පසුව ජනතාව සාමාන්‍ය වශයෙන් ගම්පහ නගරයට පැමිණියද බස් ධාවනය නිසි පරිදි නොවු ආකාරයක් දක්නට ලැබිණි.

Read More

කඨින පිංකම් පැවැත්වීමේදී පූජා භූමිය තුළ රැඳිය හැක්කේ බැතිමතුන් 25ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙහිදී මුව ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වැනි කටයුතු අනිවාර්යයෙන්ම පිළි පැඳිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 09 දින එළවළු විශාල ප්‍රමාණයක් ලැබී ඇතත් ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙළෙන්දන් නොපැමිණීම නිසා අලෙවි කර ගැනීමට නොහැකිව මිලද විශාල වශයෙන් පහත වැටි ඇති බව ගොවීහු කියති.

Read More

මහනුවර පොලිස් කොට්ඨාසය පූජාපිටිය පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබේ .

Read More

ඉකුත් 07දින හලාවත රෝහලේදී මරණයට පත් සිය නිවසේදී නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී නැතිබව හලාවත රෝහල් බළධාරීන් පවසයි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තාවකාලිකව නවතා දැමූ දුම්රිය ගමන් අද යළිත් ආරම්භ කළ අතර බෙලිඅත්තේ සිට කොළඹ බලා සීමිත මගීන් පිරිසක් රැගෙන සාගරිකා දුම්රිය පිටත් විය.

Read More

දීපාවලී උත්සව සමයේදී උඩරට වතුකරය තුල කොවිඩ් වෛරසය පැතිරීයාමේ දැඩි අවධානමක් මතුවිය හැකි බවට සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති.

Read More

වික්ටෝරියා අගුලු දැමීමට ගත් තීරණය සමහර පුද්ගලයන් අතර ජනප්‍රිය නොවූවත්, සැප්තැම්බර් අග වනවිට ආසාදන ඉලක්කම් දෙකක් දක්වා අඩුකර ගැනීමට එකී දැඩි පියවර හේතු විය. අවසානයේදී දැන් බොහෝ දෙනෙකුට ඒ කැප කිරීමේ ප්‍රතිඵල හිමිව තිබේ.

Read More

පරිසර හානි කිරීම් වැළැක්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

Read More

(LONG READS) ’’නමුත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගන්න පුළුවන් හොඳම තීරණය’’

Read More

තමිල්නාඩු මහ ඇමති එඩප්පඩි කේ. පලනිස්වාමි නව ජනපතිට හා උප ජනපතිනියට සුබ පැතුම් එක්කර ඇති අතර, තමිල්නාඩුවේ ස්ථාන කිහිපයකදීම කමලා හැරිස්ට ආශිර්වාද කිරීමේ දේව පූජාවන් හා උත්සව සංවිධානය වී ඇත.

Read More

පුත්තලම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නගර කීපයක සහල් අලෙවි කරන ස්ථාන කීපයක ඉකුත් 7 සහ 8 දිනයන් හිදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සහල් වැඩිමිලට අලවිකළ වෙළඳසැල් පනහක නඩු භාණ්ඩ අත්අඩංගුවට ගත් බව පුත්තලම පාරිභෝගික අධිකාරිය පවසයි.

Read More

මෙම ආසාදිතයන්ගෙන් 25 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි අය වන අතර, සෙසු 118 දෙනා දේශීයව සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් බව කොරියාවේ රෝග නිවාරණ ඒජන්සිය පවසයි.

Read More

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පොලිස් බල ප්‍රදේශ 25ක අඟුළු දැමීම ක්‍රියාත්මක බවත් එම ප්‍ර දේශවලට ඇතුළුවීම හෝ පිටතට පැමිණීම සිදුනොකළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

එය අගෝස්තු 14දායින් පසු වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාව වන අතර, අඛණ්ඩව තුන්වැනි දිනයට බලධාරීන් විසින් නව ආසාදන 1,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගත් අවස්ථාවය.

Read More

රැජින පැලඳ සිටි කළු පැහැ මුඛ ආවරණය ඇගේ පෞද්ගලික සහායිකාව වන ඇන්ජෙලා කෙලී විසින් සෑදූවක් බව විශ්වාස කරන බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි. වසංගතය මුල් අවස්ථාවේදී චාල්ස් කුමරු වෛරසයට ගොදුරු වූ අතර, විලියම් කුමරුද වෛරසයට ගොදුරුව සිට ඇති බව පසුව අනාවරණය විය.

Read More

ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් සහ මරණවලින් පහෙන් එකකට ආසන්න අගයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනදයෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,255,000ක පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

කොවිඩ් ආසාදිතයින් 227 දෙනෙක් අද (08) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

35 වන කොවිඩ් මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇත.

Read More

ගිංතොට ගිංගඟ මාවත වෙරළේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු අද (08) සවස දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

Read More

දකුණු පළාතෙන් අද (08) දිනයේ තවත් කොරෝනා රෝගීන් 12 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

Read More

හුදෙකලා (Lockdown) ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල සිටින කිසිවෙකුට, කිසිදු හේතුවක් නිසා පිටතට පැමිණීමට හෝ පිටස්තර අයට ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ 72 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

ඇඳිරි නීතිය ලිහිල් කිරීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව සීමිත රාජකාරී කිහිපයක් සඳහා විවෘත කරන බව තැපැල්පතිවරයා සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 283ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම සියලු දෙනාම ආශ්‍රිතයන් වෙයි.

Read More

බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතට පිවිසෙන හා පිටවෙන අධිවේගී මාර්ග විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම අවස්ථාවේ සේවය කළ වෛද්‍යවරුන් හය දෙනෙකු ඇතුළු විසි නම දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.