ගාල්ල දිස්ත්‍රික්කයේ පොලීස් නිලධාරින් 142 දෙනෙකුට කොවිඩ් එන්නත්
ගාල්ල දිස්ත්‍රික්කයේ පොලීස් නිලධාරින් 142 දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත් ලබාදි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
ගාල්ල හා ඇල්පිටිය යන කොට්ඨාසවල පිරිමි පොලිස් නිලධාරින් 135කට හා කාන්තා පොලීස් නිලධාරින් 07 දෙනෙකු සදහා කොවිඩ් එන්නත් ලබාදි ඇති බවද ඒ මහතා පවසයි.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකයින් ඇතුළු 7507 දෙනෙකු සදහා කොවිඩ් එන්නත ලබා දි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.
වෛද්‍යවරුන් 792නෙකු, වෛද්‍යවරියන් 717 දෙනෙකු ඇතුළු 1509 දෙනෙකු සදහා කොවිඩ් එන්නත ලබාදි ඇත. හෙදි කාර්යමණ්ඩලවල හෙදි හෙදියන් 1815 දෙනෙකු, පරිපුරක වෛද්‍යවරුන් 435 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 103 දෙනෙකු, රෝහල් පරිපාලන කාර්යමණ්ඩල සේවකයින් 581 දෙනෙකු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් 370 දෙනෙකු, කණිෂ්ඨ සෞඛ්‍ය කාර්යමණ්ඩල 1775 දෙනෙකු, පිරිසිදු කරන්නන් හා ආරක්ෂක නිලධාරින් 777 දෙනෙකු සදහා කොවිඩ් එන්නත් ලබා දි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
