කොවිඩ් ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා අද (15 ) මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
කොවීඩ් ආසාදිතව මිය ගිය දකුණේ පළමු නාගරික මන්ත්‍රීවරයා වන්නේද ධනසිරි මාදූවගේ මහතා බවත් අම්බලන්ගොඩින් වාර්ථාවූ පලමු කොවිඩ් මරණය මෙය බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.
කොවිඩ් ආසාදිතව මිය ගිය ධනසේන මහතා 68වන වියේ පසුවූ අම්බලන්ගොඩ පොල්වත්තේ පදිංචි අයෙක් වන අතර ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත