saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7643 hours ago

LATEST

ද.කොරියාව ආසාදන සබඳතා සෙවීමට හමුදාවන් කැඳවයි

calendar_today 2020 දෙසැ 08 - 06:19 remove_red_eye - 446  

සෝල් නගරයේ පරීක්ෂණ දිරිගැන්වීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන රාත්‍රී කාලයේදී මෙන්ම සති අන්තවලද දිගින් දිගටම සේවය සපයනු ඇති බව සඳහන් වෙයි.

වෛද්‍ය කාර්ය මණ්ඩල විසින් කරනලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා ජපානයේ රජය එරට ස්වයං ආරක්ෂක බලකායේ හෙදියන් පිටත් කර යැවීමට සූදානම් බව සඳහන් වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,543,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ගාල්ල නාගරික බල ප්‍රදේශයේ සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්‍රාමනිලධාරිවසම් වලින් තවත් කොරෝනා අසාදිත රෝගින් 08 දෙනෙකු අද (07) දින වාර්තාවිමත් සමග එම ග්‍රාම නිලධාරිවසම් 05ට අමතරව කොන්ගහ ග්‍රාම නිලධාරිවසම ද ඇතුළුව දැනට පනවා ඇති සිමා සහිත සංචරණ සිමා දැඩි කිරිමට නිර්දේශ කරණ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

එල්.පී.එල්. තරගාවලියේ 15 වැනි තරගය ලෙස දඹුල්ල වයිකිංග් - ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර අ​ද (07දා) රාත්‍රියේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය අතහැරදැමීමට සිදුවිය.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරු දෙකෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 25000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 377ක් වාර්තා වීමත් සමගිනි.

Read More

ග‍්‍රාමීය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප‍්‍රමුඛතාවන් හඳුනාගත් ”වැඩ සමඟ යළි ගමට” නව ව්‍යාපෘතිය ලබන 14 වනදා සිට රට පුරා කි‍්‍රයාත්මක කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුනි.

Read More

තිහාරිය ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ මගහරිමින් , ඒවා ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

Read More

මාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී හෙරෝයින් හා අයිස් කිලෝ 200 සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා දෙසැම්බර් 16 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරිමට මාරවිල අතිරේක මහේස්ත්‍රාත් රසික අබේසිංහ මහතා නියෝග කෙරුණි .

Read More

සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් එම්. ජේ. ගුණසිරි මහතා පත්කර ඇත.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

දෙහිවල, කව්ඩාන, ප්‍රදේශයේ ඇගලුම් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක සේවිකාවන් 10 දෙනකුහට අහඹු ලෙස සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව ඉන් සේවිකාවන් 5 දෙනකුම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

බන්ධනාගාරගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා කථානායක නිල නිවසේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.

Read More

වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිලධාරිහු පවසති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 344 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව විසිදහසක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙතන මොන මොන හරි ඔප්පු කෑලි ටිකක් හදාගන්නවා අපි දන්නවනේ ඔප්පු හදන හැටි මේක මේ අමුතු කතාවක් නෙවෙයිනේ. කරුණාකරලා අර ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මේ මිනිස්සු ඇවිස්සෙනවනේ. මේක මැනුම් කටයුතු සිදුකෙරෙනකන් ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මැනුම් කටයුතු සිදු කෙරෙනකන් ඉදි කිරීම් කරන්නේ නැතුව පාඩුවේ ඉන්න. දැන් අපිට බැලූ බැල්මට පේනවනේ සමහර ඉදි කිරීම් කරලා තියනවා

Read More

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අලුත්ගම, බේරුවල, පයාගල පොලිස් බල ප්‍රදේශ තුනෙහි ඉකුත් දින කිහිපය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 750ක ප්‍රතිඵලවලින් අද(07) දින වන විට කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 134 දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද(07) අලුත්ගම දී පැවසීය.

Read More

වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්‍රීක්කයේ කුඩා වැව් 100 කට ආසන්න ප්‍රමාණයක් වාන්දැමීම සිදු වන බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.

Read More

ගාල්ල නාගරික බල ප්‍රදේශයේ සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්‍රාම නිලධාරි වසම් 05ක ඊයේ (06) කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවල කොටසක ප්‍රථිපල අද (07) උදැසන ලැබි ඇති අතර එම ප්‍රථිපල අනුව පුද්ගලයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් මෙරටට ගෙන්වන අතරතුරම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමද අඛණ්ඩව සිදුවෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් 19 පීඩාවට පත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 45509 දෙනෙකු කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් 2020.11.30 මෙරටට පැමිණ ඇති බවයි. තවත් ශ්‍රී ලාංකිකයන් 58892ක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාල වල ලියාපදිංචි වී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශ වාර්තා මඟින් තහ

Read More

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 01 වෙනිදා සිට 11 වෙනිදා අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

Read More

පල්ලෙකැලේ පළාත් සභා ආයුර්වේද මධ්‍යස්ථානයේ කොටසක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් නවීකරණය කොට එහි රෝගීන් 100 දෙනකොට ප්‍රතිඵල කළ හැකි ආකාරයට පහසුකම් සැලසීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ අසූවක මිලකට මුතු අලෙවි කිරීමට සූදානම් වූ බව කියන තිදෙනකු ඊයේ (6) මුතුඇට 1010ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.

Read More

වරින් වර මහනුවර වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වන සුළු භූ කම්පන සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමන්ට උපදෙස් දුන් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පවසයි.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනය කිරීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ කාන්තා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් පවත්වාගෙන යාමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (07 පෙරවරු 6.00 වන විට) 631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.