saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7640 hours ago

LATEST

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට වැඩබලන අධ්‍යක්ෂකවරයෙක්

calendar_today 2020 දෙසැ 08 - 19:45 remove_red_eye - 414  

පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයන්හි වැඩබලන අධ්‍යක්ෂ (පාලන) ලෙස පත් කර තිබේ.‍

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් හමුවන කෝවිඞ් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් ඇහැළියගොඩ සහ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද පැවසුවාය.

Read More

අත්තනගල්ල , තිහාරිය ප්‍රදේශවාසීන් අද දින විශේෂ විරෝධතාවයකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන්ට සාමකාමීව සහාය ලබා දුන් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය හඳුන් විජයවර්ධන මහතා විසින් ඩි එන් ඒ පරීක්ෂණ සඳහා එම රැඳවියන්ගේ රුධිර හා කෙස් සාම්පල මෙන්ම ඊට අමතරව සියලුම මෘත ශරීරවල ඡායාරූප හා ඇඟිලි සලකුණු ද ලබා ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය .

Read More

මෙරට ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

තාවකාලිකව වසා දමා ඇති හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහ විද්‍යාලයේ සිසු සිසුවියන් කිහිප දෙනෙකු සහ අචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ පි.සි.ආර් වාර්තා ලබා ගැනිම මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද දින එම විදුහලේදි සිදු කෙරිණ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 454 දෙනෙක් සුවය ලබා අද (08) රෝහල්වලින් පිටත්වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වෙයි.

Read More

කඩවත සිට මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවීමත් එහි ඉලක්ක නිසි ලෙස සපුරාලීමට අපොහොසත් වීමත් පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළේය.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද 08 අලුතින් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිකයින්ගේ සංඛ්‍යාව 108 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා වනතෙක් වසා දැමිමට තින්දුකළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (08 පෙරවරු 6.00 වන විට) 684 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා මහනුවර නගරය ආශ්‍රිතව පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් සඳහා රජයේ අවසරය හිමිව තිබෙන අතර මේ වන විට එම සංචාරක හෝටල් වල නිරෝධායන සේවා ආරම්භ කොට තිබේ.

Read More

ඩොලර් මිලියන 300ක පළමු අදියරේ ආයෝජනයක් යටතේ හම්බන්තොට වරාය කලාපය තුළ චීනයේ ටයර් නිෂ්පාදන ආයතනයක් වන Shandong Haohua Tire co. Ltd සමාගම විසින් කියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා බදු සහන ලබාදීමට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

12 හැවිරිදි සාමනේර හිමිනමක් විදුලිසැර වැදීම නිසා අපවත්වී ඇති බව බුලත්සිංහල පොලීසිය පවසයි.

Read More

කෑගල්ල පාර, කුරුණෑගල - කොළඹ පාර ඇතුළු සියලූම අතුරු මාර්ගවල හෙට (09) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Read More

මේ වන විට මෘත ශරීර 7ක් හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හතරක පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා. එක මෘත ශරීරයක්වත් ආදාහනය කිරීමක් හෝ වැළලීමක් සිදුකර නෑ.

Read More

හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන අයද පවසා ඇත්තේ කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවය. එමගින් එන්නත් ලබාගැනීම කෙරෙහි ජනතාව උනන්දු කරවනු ඇති බව කියැවෙයි.

Read More

එළඹෙන නත්තල් සමයේ සංචරණ තවත් අවම කිරීමට පියවර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Read More

“මහල් නිවාස වල හා වතු ආශ්‍රිතව ජීවත් වන කොළඹ නගරයේ අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම් පෙළඹවීමකට හෝ වෙනත් ආකාරයක නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවී මහල් නිවාස හෝ වත්ත ආශ්‍රිතව ඉතා සුළු කාලයක් රැඳී සිටින්න.”

Read More

මිලියන 23ක ජනගහනයක් සිටින තායිවානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 716ක් සහ මරණ 7ක් පමණක් වාර්තා වන්නේ, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්වූ රාජ්‍යයක් ලෙසිනි.

Read More

දේශපාලන පලිගැනීම් පිළිබද කොමිසන් සභා වාර්තාව අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ට නියමිතව තිබේ.

Read More

රැකියා සදහා ගොස් මැදපෙරදිග රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු , ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ඉන්දුනීසියාව පැවසුවේ නැව්ගත කිරීම හොඳ තත්ත්වයේ පවතින බවත්, මාත්‍රාව රට පුරා බෙදා හැරීමට සූදානම් බවත්ය. එහිදී මිලියන 1.2ක එන්නත් මාත්‍රා ශීතකළ වාහනවලින් බෙදාහරින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ටෙරවාන් අගුස් පුට්‍රැන්ටෝ පැවසීය.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් වෙනත් ජාතීන්ට නැව්ගත කිරීමට පෙර, ඇමෙරිකානුවන්ට ලබාදීමේ ප්‍රමුඛතාව අරමුණු කරගත් විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමට යයි.

Read More

මොඩෙර්නා සමාගම පැවසුවේ දෙසැම්බර් මාසයේදීම එන්නත සඳහා වූ නියාමන අනුමැතිය ලබාදෙන්නේ නම් සිය එන්නත කැනඩාවට නැව්ගත කිරීම මේ මස ඉක්මනින් ආරම්භ කළ හැකි බවය.

Read More

’’අපි වසංගතයේ බරපතල අවධියකට මුහුණ දී තිබෙනවා’’ අගමැති ෆ්‍රෙඩ්රික්සන් පැවසීය. ’’ආසාදන අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, මෙය කනස්සල්ලට කරුණක්. අප දැන්ම ක්‍රියාකළ යුතුයි. එවිට අපට වසංගතය පාලනය කරගැනීමට පුළුවන්.’’

Read More

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවා සපයන්නන් අද (08දා) සිට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, එක්සත් රාජධානිය එන්නතක් අනුමත කළ පළමු බටහිර රට බවට පත්වී සතියකටත් අඩු කාලයකදී මෙසේ එන්නත් කිරීම සිදුවෙයි.

Read More

සෝල් නගරයේ පරීක්ෂණ දිරිගැන්වීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන රාත්‍රී කාලයේදී මෙන්ම සති අන්තවලද දිගින් දිගටම සේවය සපයනු ඇති බව සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.