saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7657 hours ago

LATEST

මහර සිදුවීම ගැන ප්‍රකාශ 228ක් ගනියි

calendar_today 2020 දෙසැ 10 - 13:56 remove_red_eye - 115  

මහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව මේ වන විට රැඳවියන්, නිලධාරීන්, වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන්ගෙන් ප්‍රකාශ 228ක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු පිහි ඇනුමකට ලක්ව ජිවිතක්ෂයට පත්ව ඇත.

Read More

අද (10) උදෑසන 7 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (10) 795ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 489 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 246 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 දෙනෙකුද වාර්තා වී ඇත.

Read More

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතුකරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 20 දක්වා ඉහළ ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේස් මහතා පවසයි.

Read More

මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක්, මෙඩොර්නා, ඇස්ට්‍රාසෙනෙකා මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් එක්සත් ජනපදය, ජර්මනිය හා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, මෙම එන්නත්වලින් ෆයිසර් එන්නත මේ වනවිටත් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල එන්නත් කිරීම් අරඹා තිබේ.

Read More

පෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කිරීමට හැකි වන්නේ තොග වෙළදාම සදහා පමණක් බව එහි පොදු වෙළද සංගමය පවසයි.

Read More

සෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය තැබීමට බලාපොරොත්තු වන එන්නතක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා සැලකෙන්නේ, එහි අඩු පිරිවැය, ලොවපුරා පහසුවෙන් ලබාගත හැකිවීම සහ භාවිතයේ පහසුවයි.

Read More

තාවකාලිකව වසා දමා ඇති හැටන් නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන් 160 දෙනෙකු ඉලක්ක කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම 160 දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවකයින් 240,000කට වැඩි ප්‍රමාණයක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, 858 දෙනෙකු මියගොස් ඇති බව රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ඊයේ දිනයේදී සිදුවූ මාරක අනතුරු තුනකින් පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කළ බව බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (10) පෙරවරුවේ පැවසීය.

Read More

මැදපෙරදිග රටවල් තුනක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකු , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටියදී , ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 368 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 357කි. ඉන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 219කි.මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණණ 38කි. ඊයේ දිනයේදී කොවිඩ්ආසාදියන් 697ක් වාර්තා වන අතර ඉන් 694ක්ම දේශීය සම්ප්‍රේෂණ වෙයි.

Read More

චීනය ගෝලීය වශයෙන් රටවල් වලට කොවිඩ්-19 එන්නත් මිලියන ගණනක් ලබාදීමට පොරොන්දු වී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම, සායනික අත්හදා බැලීම්වලට සම්බන්ධව සාර්ථක වූ අපේක්ෂකයන්ටද ප්‍රමුඛතාව ලබා දී තිබේ.

Read More

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මේ සතිය මුල කියා සිටියේ වසර අවසානයේදී කැනඩාවට මූලික මාත්‍රාවන් 249,000ක් ලැබෙනු ඇති බවත්, කැනඩාවේ පළමු එන්නත් කිරීම ලබන සතියේදී සිදුවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,567,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

Read More

වැලිගම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාෂයට අයත් ගල්බොක්ක හා අලුත්විදිය යන ගම්මාන තාවකාලිකව හුදකලාකිරිමට තිරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

Read More

කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේදී මිය ගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26000 ඉක්මවා තිබේ. ඒ අද දිනය තුළ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 694 ක් වාර්තා වීමත් සමගිනි.

Read More

මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක නිවේදනය කරයි

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනාගෙන තිබේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.

Read More

නත්තල් හා උත්සව කාලසීමාව තුළ මහජනතාවගේ අවධානය යොමුවිය යුතු විශේෂ කරුණු කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 7ක කුඩා දැරියක් ඊයේ 8 මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි .

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 29,737ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධ්‍යාපන බලධාරීන්ට කියයි.

Read More

මහර බන්ධනාගාර ගැටුමේදී මියගිය රැදවියන් 11 දෙනාගේ මළ සිරුරු IDH රෝහලට යොමු කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සි රාගල මහතා නියෝග කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.