saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7648 hours ago

LATEST

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන් 862 ක්

calendar_today 2020 දෙසැ 12 - 13:50 remove_red_eye - 561  

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (12 පෙරවරු 6.00 වන විට) 862ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා කොළඹ නගර සභාවට රුපියල් මිලියන 16 කට අධික වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට බීජිං මහ නගර සභාව කටයුතු කර තිබේ. පුද්ගලික ආරක්ෂක උපකරණ, වෙන්ටිලේටර්ස්, පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් මෙසේ පරිත්‍යාග කර තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් මගීන් 884 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර තවත් ගුවන් මගීන් 495 දෙනෙකු ගත වූ පැය 24 තුළ විදේශ ගත වී තිබුණි .

Read More

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හොංකොං රජය විසින් එන්නත් නිෂ්පාදකයින් දෙදෙනෙකු වන සිනෝවැක් සහ ෆයිසර් සමග එන්නත් ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒ සෑම එකක්ම මාත්‍රා මිලියන 7.5ක් සපයනු ඇති බව ලැම් පැවසීය. එමෙන්ම මිලියන 7.5ක පදිංචිකරුවන්ට නොමිලේ එන්නත ලබාදෙන බවට පොරොන්දු විය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතියේ කියා සිටියේ, සිනෝෆාම් එන්නත 86%ක කාර්යක්ෂමතාවක් ඇති බවය. එමෙන්ම එරට තුළද සිනෝෆාම් එන්නත ලබාදීම මේ වනවිට සිදුවෙයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ නිවාස යෝජනා ක්‍රම හයක හුදෙකලා කිරීම් අද පෙරවරු 6.00 සිට ඉවත් කර තිබේ.

Read More

විශේෂයෙන්ම මෙම සතිය මුලදී එක්සත් රාජධානියේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත බෙදාහැරීම ආරම්භ කළ දින සිට ට්‍රම්ප් විසින් මෙම පීඩනය එල්ල කර ඇති බවට වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇත්තේ, ’එන්නත් ජාතිකවාදය’ පූර්ණ වේගයෙන් ගමන් කරමින් සිටින බවත්, ලොව පුරා සිටින දුප්පතුන් සමහර ධනවත් රටවල් නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම සඳහා වන සූදානම දෙස බලා, ඔවුන්ට එන්නත ලබාදෙන්නේ කවදාද යන්න ගැන කල්පනා කරමින් සිටින බවටය.

Read More

අගනුවර පුරා ස්ථාපනය කර ඇති තාවකාලික කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන 150 වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගන්නා ලෙසද අගමැති ජනතාවගෙන් ඉල්ලා තිබේ. එහි ඉලක්කය වන්නේ තවදුරටත් සම්ප්‍රේෂණය කපා හැරීම සහ සැඟවුණු වෛරස් වාහකයන් සක්‍රීයව සෙවීම බවද ඔහු කීවේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 7ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

Read More

රියැදුරු මහතෙකුට කොරෝනා වැලදිම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට පැතිර යන පුවත් සාවද්‍ය බව සඳහන් කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය රාජකාරි සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කරයි.

Read More

මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14දා) විවෘත කිරීමට තීරණය කළ බවත් මහනුවර නගර සීමාවේ පිහිටි ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තව දුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි අත්තනගල්ල සහ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ සෞඛ්‍ය බලධාරීන්ට අවනත නොමැති (Uncontrolled Aria ) ප්‍රදේශ පවතින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.

Read More

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මස 18 වැනිදින දක්වා තවදුරටත් වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදියින් 226ක් හඳුනාගෙන ගෙන ති​බේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.

Read More

ගාල්ල නගරයෙන් අද (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ ගාල්ල කොට්ඨාසයේ පාසල් සියල්ල තවදුරටත් වසා තැබීමටත් සංචරණ සීමා දැඩිකිරීමටත් තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට හෙට දිනයේදී වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 73 දෙනෙක් අද (11) වන විට වාර්තා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කොවිඩ් දත්ත ඒකකයෙන් වාර්තා වෙයි .

Read More

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපැල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.

Read More

ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල ඉකුත් 09 වැනිදින කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවලින් පුද්ගලයින් 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවු බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අටසීය ඉක්මවා යාමත් මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් පන්සියක් ඉක්මවා යාමත් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක බව පොලිසිය පවසයි.

Read More

ගෘහස්ත නිරෝධානයට ලක්වීම තවදුරටත් ක්‍රියාත්මක බවත් මේ වන විට පුද්ගලයන් 95000කට අධික ප්‍රමාණයක් ගෘහස්ත නිරෝධානයට ලක්කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය කදිරේෂන් මධ්‍යම මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවටි පි.සි.ආර් වාර්තා අනුව තහවුරු වු බවත් , අසාදිත සිසුවිය පේරාදෙණිය පැණිදෙණිය නිරෝධායන මධ්‍යස්ථානය කරා (10) දින යොමු කල බව නාවලපිටිය පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

මදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් දෙසැම්බර් 10 දින වන දක්වා කොරෝනා රෝගින් 67 දෙනෙකු හමුවි ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 763ක සාමාජිකයින් නිරෝධායනයට ලක්කර ඇති බවත් මදුරාවල ප‍්‍රදේශිය ලේකම් දිස්නා ජයසිංහමහත් මිය පැවසුවාය.

Read More

විදේශ රටවල රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද අලුයම ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.