තලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැලක කලමණාකරුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (06) දින තහවුරු විම නිසා එම මත්පැන් අලෙවිසැල වසා දමා එහි සේවකයින් සියළු දෙනා ස්වයං නිරෝධානයට යොමු කල බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එස්.භාරතිදාසන් මහතා පැවසිය.
අසාදිත කලමණාකාරවරයා මිට දින කිහිපකට ප්‍රථම කොළඹ ප්‍රදේශයට ගොස් ආපසු තලවකැලේ නගරයට පැමිණ ඇති බවත්, ඔහුට කොවිඩ් රෝග ලක්ෂ මතුවිම නිසා සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම කලමණාකාරවරයාට වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා කියා සිටියේ.
අසාදිතයා තලවකැලේ නගරයේ පිහිටි ශරිරික සුවතා මධ්‍යස්ථානයකට ගොස් ඇති බවට තහවුරු වි ඇති බවත්, එම ශාරිරික සුවතා මධ්‍යස්ථානයද විෂබිජහරණය කර එම ශාරිරික සුවතා මධ්‍යස්ථානයට පැමිණි පිරිස ස්වයං නිරෝධානයට යොමු කරන බවත්, මත්පැන් අලෙවිසැලෙන් මත්පැන් මිල දි ගත් සියළු දෙනා සොයා එම පිරිසද ස්වයං නිරෝධානයට යොමු කරන බවත්, තලවකැලේ නගරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කරන බවද තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා පැවසිය.