විසා නොමැතිව රැඳී සිටි විදේශීය ජාතිකයන් නව දෙනෙකු අත්අඩංගුවට
වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී විදේශීය ජාතිකයන් 9 කූ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
නයිජීරියානු ජාතිකයන් තිදෙනා ගල්කිස්ස මොරටුව හා දෙහිවල පොලිස් වසම් වලින්ද මාලදිවයින් ජාතික සිව් දෙනා ගල්කිස්ස පොලිස් වසමෙන් ද , ඉන්දියන් ජාතිකයන් දෙදෙනා කොම්පඤ්ඤ වීදිය හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් වලින්ද අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
ගල්කිස්ස මොරටුව දෙහිවල කොම්පඤ්ඤ වීදිය හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් වලින් හා කොළඹ ආසන්න පොලිස් වසම් වල සිදුකළ මෙහෙයුමේදී මෙම සැකකරුවන් පිරිස් අත්අඩංගුවට ගෙන ඇත
සැකකරුවන් පිරිස අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආගම න විගමන පාලක වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
බිමල් ශ්‍යාමන් ජයසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

