ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,580,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට හිමි විය.
Read Moreකොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහනුවර වෙලම්බඩ ප්‍රථමික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා වෙලම්බඩ ප්‍රථමික සෞඛ්‍ය ඒකකය හා එම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලා දෙක වසා දමා ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය පවසයි.
Read Moreඅද (10) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 169ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More“හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්”, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ව්‍යවසායකයන් සමග අද (10) සවස ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡවේ දී පැවසීය.
Read Moreපසුගියදා සිදුවූ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11කගේම සිරුරු මේ වනවිට ඥාතීන් විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
Read Moreඅමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.
Read More2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඊට ඇතුළත් ය.
Read Moreඅය වැය හිගය පියවා ගැනීම පසුගිය රජයන් අය වැය මගිනී මූලිකත්වය දී කටයුතු කළද මෙවර අයවැය කෘෂි කර්මාන්තය ගොඩ නගන්න විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඅයවැය තෙවැනි වර කියවීම තුනෙන් දෙකක බහුතරකින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 54ක් ලැබුණි. ඒ අනුව අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත විය.
Read Moreබේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 82න් ග්‍රාම නිලධාරී වසම් 50ක කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 196 දෙනකු අද (10) පස්වරුව වන විට වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කේ .ජී. ඩී. චතුර මල්රාජ් මහතා මීට සුළු වේලාවකට පෙර පැවසීය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 300ක් හඳුනාගෙන තිබේ.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,375ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමහබාගේ වැලිසර ප්‍රදේශයේ නිවසක් තුළ හොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමග මහබාගේ පොලීසිය මගින් (9) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ උපදෙස් පරිදි කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා.
Read Moreපාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10) ඉවත් විය.
Read Moreවික්ටෝරියා ජලාශය අවට විටින් විට සිදු වන සුළු භූ කම්පන පිළිබඳව පුළුල් විමර්ශනයක් සඳහා භූ කම්පන තත්ව පිළිබඳව විද්වත් කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
Read Moreසිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreමෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Read Moreකොරෝනා වෛරසය ආසාදිත පොලිස් නිලධාරියෙකුගේ සහෝදර ආශ්‍රිතයෙකු වූ පාසැල් ආරක්ෂක නිලධාරිවරයා පාසැලේ රාජකාරි කටයුතු කිරීම හේතුවෙන් නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව අද 10 දින වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සහ පාසැල් පාලන අධිකාරිය පැවසීය .
Read More(LONG READS- සුරාමත)
Read Moreගුවන්තොටුපල විවෘත කර සංචාරකයන් සදහා රට විවෘත කිරීමට සියල්ල සුදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. සෞඛ්‍ය බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් පවතින සාකච්ඡා අවසන් අදියරේ පවතින බවද ඔහු පෙන්වා දෙයි.
Read Moreපවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මින් ඉදිරියට කුරුණෑගල නගරය තුළ බුලත් විට සපා කෙළ ගසමින් නගරය අපවිත්‍ර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreමහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව මේ වන විට රැඳවියන්, නිලධාරීන්, වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන්ගෙන් ප්‍රකාශ 228ක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු පිහි ඇනුමකට ලක්ව ජිවිතක්ෂයට පත්ව ඇත.
Read Moreඅද (10) උදෑසන 7 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (10) 795ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 489 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 246 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 දෙනෙකුද වාර්තා වී ඇත.
Read More