saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7604 hours ago

LATEST

මහව රියඅනතුර සිදු කර පළාගිය කැබ්රථයේ රියදුරු අත්අඩංගුවට

calendar_today 2020 දෙසැ 16 - 21:36 remove_red_eye - 719  

මහව, පහළ බලල්ල දේවාල හංදිය ප්‍රදේශයේ දී මවක් සහ දරුවෙකු රිය අනතුරකට ලක්කර පළාගිය කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

වැඩි පිරිසකට ප‍්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් පවරාගෙන එම රෝහල්, කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 326ක් හඳුනාගෙන ඇත.

Read More

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් සිවු දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

Read More

ළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි.

Read More

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීන රජය විසින් ආයෝජන රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 785 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පි සි ආර් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා පානදුර තොටවත්ත සුසාන භූමියක මළ සිරුරක් මිහිදන් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයක් අනුව විශේෂඥ වෛද්‍යවරියකගේ ප්‍රධානත්වයෙන් ඊයේ 15 පරීක්ෂණයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .

Read More

හාලිඇල - මුදුන්පිට , ප්‍රදේශයේ මංගල උත්සවයට සහභාගිවී යළි රැකියාවට ගොස් සිටි මංගල උත්සවය පැවති ස්ථානයේ දැරියගේ පියා ඇතුලු වරාය සේවකයන් සිවුදෙනෙක් කොවිඩ් 19 අසාදිතයන් බවට තහවුරු ඇතැයි හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබේ.

Read More

යාපනයේ සහ වව්නියාවේ කොවීඩ් -19 වෛරස් ආසාදිතයින් සීග්‍රයෙන් වැඩිවීමත් සමග උතුරු පාලතේ පාසල් 130 කට නිවාඩු ලබා දීමට සිදු වී ඇත.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.

Read More

වැලිසර රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයෙකු සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විදේශ රටවල සිට පැමිණි ගුවන් යානා 10 කින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 511 දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව අද (16දා) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ පැමිණ තිබුණි.

Read More

ගෙවුණු මාස එකොළහ තුළ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මීඋණ ආසාදිතයන් 1128ක් වාර්තා වී ඇති බවත් ඉන් 19දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත් රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා ඊයේ (15දා) පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.

Read More

කොළඹ 14 පදිංචි අවුරුදු 60ක කාන්තාවක් කොළඹ පෞද්ගලික රෝහලකදී, කොළඹ 15 පදිංචි අවුරුදු 85ක පිරිමි පුද්ගලයෙක් සිය නිවසේදීත්, කොළඹ 15 මට්ටක්ලුලිය පදිංචි අවුරුදු 84ක පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබේ.

Read More

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් 43 හැවිරිදි වියේ පසුවන රෝගියෙකු රෝහලෙන් පළා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

Read More

මහනුවර ජාතික රෝහලට අනුබද්ධිත රෝහල් පොලිසියේ රාජකාරියේ නියුතුව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග පොලිස් ඒකකය වසා දමා එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ .

Read More

දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

තථ්‍ය කාලීන අනුක්‍රමණය සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වේ. නමුත් කොවිඩ්-19 වැනි රෝග කාරකවල වේගයෙන් වෙනස් වන විකෘති සමග වේගයෙන් ගමන් කිරීමට විද්‍යාඥයන්ට එමගින් ඉඩදී ඇත්තේ, බලවත් සතුරෙකුට එරෙහිව බලවත් ආයුධයක් ලෙසිනි.

Read More

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) ලෝහ පෙට්ටිය තුළ කුඩා ද්‍රව්‍ය තැන්පත්ව ඇති ආකාරය පිළිබඳ ඡායාරූපයක්ද නිකුත් කර ඇත. මිනිසුන් රහිත විමර්ශනය සඳහා පෙර නොවූ විරූ හය අවුරුදු මෙහෙයුමක ප්‍රතිඵල පිළිබඳ ප්‍රථම දර්ශනයද එය විය.

Read More
අද කාලගුණය
16 12 2020 07:40:00
0 507

දිවයින හරහා ඊසාන දිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ සිය නවතම අනාවැකියෙන් පෙන්වා දෙයි.

Read More

මොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයට (FDA) ඉදිරිපත් කරමින් ඔවුන් මෙම කරුණු ගොනුකර තිබේ.

Read More

1918 ස්පාඤ්ඤ උණ වසංගතය අවස්ථාවේදී තමාගේ දෙමවුපියන් අසනීප වූ බවත් ඇය සඳහන් කර තිබේ. වයස අවුරුදු 95 දී ගර්භාෂ පිළිකාවට ගොදුරු වූ තමන්, පිළිකා රෝගයෙන්ද දිවි ගලවා ගත් තැනැත්තියක් බව ඇය කියා සිටියාය.

Read More

පළමු ෆයිසර් එන්නත් මාත්‍රාව කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි වැඩිහිටියන් සඳහා ලාභ නොලබන සාත්තු නිවාසයක් වන රේකායි මධ්‍යස්ථානයේ පුද්ගලික සහායක සේවිකාවක් වූ ඇනීටා ක්විඩන්ගන් වෙත ලබාදී ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,632,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 30000 ඉක්මවා තිබේ.

Read More

පානදුරේ අලුපොත සහ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුර යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.