saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7484 hours ago

LATEST

බන්ධනාගාරය තුල කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර තිබෙනවා

calendar_today 2021 ජන 12 - 20:39 remove_red_eye - 222  

කොවිඩ් 19 වෛරසය බන්ධනාගාරය තුල ව්‍යාප්ත වීම මනා ලෙස පාලනය කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 34ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (12) වන විට 2618 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිවුදෙනා එළඹෙන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.

Read More

ගෝලීය කොරෝනා වසංගත රෝගී තත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ, ගුවන් මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය ඉතා විධිමත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව සිදු කරන බවත්, එම ක්‍රියාවලීන්ගේ ප්‍රමිතිකරණය සහතික කරමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ කවුන්සිලය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට සම්මානයක් පිරිනමා තිබේ.

Read More

විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් (වටිනා මෝටර් රථ 12 ක් කොළඹ වරාය පරිශ්‍රයේ දී 2020.12.23 ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් රේගු භාරයට ගෙන තිබූ අතර , එම මෝටර් රථ අද දින කොළඹ , ඔරුගොඩවත්ත වැලිගම්පිටිය ග්‍රේ ලයින් බහාලුම් අංගණයේ දී මෙම බහාලුම් විවෘත කිරීම සිදු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

පෝලන්ත ගුවන් සේවා කාර්යය මණ්ඩල සාමාජිකයකුට සහ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ සේවකයෙකු ඇතුළු සිව් දෙනෙකුට 01/12 දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය .

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පමණින්අධිකරණයට අපහාස කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වගකීම්, යුතුකම් හා සීමාවන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ තම සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කිරීමට යෑමෙන් බවත් වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය .

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන‍49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොග්ගල ඇඟලුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (12දා) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අද (12) ප.ව 6 සිට පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ගව ඝාතනාගාරයක හිමිකරුවෙකු ගෙන් ඇතුන්ගහකොටුව හන්දියේ දී රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක( විමර්ශන )කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මිය පැවසුවාය.

Read More

අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 530 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

Read More

වව්නියාව බසාර් වීදිය ඇතුලු ප්‍රධාන මාර්ගවල පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 110 ක් දක්වා කොරෝනා ආසාදිතයින් වශයෙන් ශිඝ්‍රයෙන් වැඩි වී ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය විම හේතුකොටගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට යොමු වන ලෙස දැනුම් දී තිබේ.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

Read More

ගෙවුණු සතියක කාලයක් පුරාවට උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා ජලගැලීම් නිසා ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවන්ට පත්ව ඇති අතර දෛනික කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට දිස්ත්‍රීක් භාර ආපදා කළමනාකරණ ඒකකයන් පැවසූහ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

Read More

ජනවාරි 05දා ආරම්භ කළ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කිරීමේ මෙහෙයුම්වලට අදාළව පුද්ගලයන් 2334කගෙන් පුද්ගලයන් 46ක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

Read More

මැදපෙරදිග , කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 414 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (11) වාර්තා වූ නව ආසාදිතයින් 30දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,405දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 100 දෙනෙකු හමුවීමත් සමග ඉකුත් ඔක්තෝම්බර් 4 වෙනි දින සිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 8600 ක් දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.

Read More

කොරෝනාවැක් නම් වූ මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නියම කර ඇති ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන බව ඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ අධීක්ෂණ ඒජන්සියේ ප්‍රධානී පෙනි ලුකිටෝ පවසයි. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පැවසුවේ එන්නත ලබාගන්නා පළමු පුද්ගලයා තමා වනු ඇති බවය.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය මියන්මාරයට අඛණ්ඩව සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත්, වසංගතය හා සටන් කිරීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක මෙවලම් මෙන්ම, ‍කොවිඩ්-19 එන්නත් ලබාදෙන බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් චීනයේ සීනොවැක් සහ සිනොෆාම් එන්නත් නිපදවන්නන් සමග කටයුතු කරමින් සිටින බව WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් හට කොවිඞ් -19 වෛරසය ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මේවන විට 31ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සේරුවාවිල ප්‍රදේශයේ ආර්ථික වටිනාකමක් සහිත රත්රන් නිධියක් හමු වී තිබෙන බව මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම රත්රන් නිධිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද යම් යම් කතාබස් ඇතිවුණු අතර, සැබැවින්ම සේරුවාවිල මෙම භූමියේ රත්රන් නිධියක් තිබෙනවාද යන්න පිළිබඳව අප පාර්ශ්ව කිහිපයකින් අදහස් විමසීමු.

Read More

මීට සති තුනකට පමණ පෙර බයිඩන් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, ඔහුගේ වයස මෙන්ම, ඇමෙරිකානුවන් තුළ එන්නත ලබාගැනීම උනන්දු කරවීමද ඔහු එන්නත ලබාගැනීමට හේතු විය. එසේම ඔහු දෙවැනි එන්නත ලබාගන්නා අවස්ථාවද සජීවීව ප්‍රචාරය කිරීමද විශේෂත්වයකි.

Read More

ෆයිසර් එන්නත නිපදවීමට මූලික වූ බයෝ එන්ටෙක් හි ප්‍රධාන විධායක නිලධාරි උගුර් සහින් කියා සිටියේ ඉදිරි සතිවලදී තම කණ්ඩායමේ සාමාජිකයන්ට එන්නත ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.