saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7446 hours ago

LATEST

ගාල්ලේ වැඩිහිටි නිවාසයක 04 දෙනෙකුට කොරෝනා

calendar_today 2021 ජන 26 - 09:14 remove_red_eye - 261  

ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක නේවාසිකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි ජවරත්න මහතා පවසයි.

නගර කිහිපයක පොලීසිය වාර්තා කළේ බොහෝ විට තරුණයන් තැන තැන ගිනි තැබීම්, ගල්මුල්වලින් පහරදීම් සහ වෙළෙඳ සැල් කොල්ලකෑම් සිදුකරන බවයි.

Read More

80 හැවිරිදි ප්‍රකෝටිපති ව්‍යාපාරික ස්ලිම් හෙලූ, ගෝලීය ටෙලිකොම් සමාගම් සමූහයක ප්‍රධානියා වන අතර එයට ටෙල්මෙක්ස්, අමෙරිකා මෙවිල් සහ ගෘපෝ කාර්සෝ යන ජංගම සන්නිවේදන සමාගම් ඇතුළත් වේ.

Read More

දෙසැම්බර් 30 වැනි දින යුරෝපයේ සිට ආපසු පැමිණි 56 හැවිරිදි මෙම කාන්තාව ඕක්ලන්ඩ් හි සති දෙකක අනිවාර්ය නිරෝධායනයකින් ඉවත්වීමෙන් පසු ධනාත්මක පරීක්‍ෂණයක් සිදුකර තිබේ. එහිදී ඇය දෙවරක් සෘණාත්මක ලෙස පරීක්‍ෂා කර මුදාහැර ඇති අයෙකු බවද සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස්‌ හිප්කින්ස්‌ පවසයි.

Read More

චීනයේ ෆොසුන් ෆාමා- බයෝඑන්ටෙක්, චීනයේ සීනොවැක් බයෝටෙක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා වෙතින් කොවිඩ්-19 එන්නත මාත්‍රා මිලියන 22.5ක් හොංකොං විසින් ලබාගෙන ඇති බව එහි නායක කැරී ලැම් දෙසැම්බර් මාසයේදී පැවසීය.

Read More
අද කාලගුණය
26 01 2021 08:28:00
0 158

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2020 දෙසැම්බර් මස අවසානයේදී චීනයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 3ක් ලබා ගැනීමෙන් පසු තුර්කිය ජනවාරි 14 වැනි දින මහා එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කළේය.

Read More

’’මෙම නව දත්ත මගින් අපව ධෛර්යමත් කරනු ලබනවා. මොඩෙර්නා කොවිඩ්-19 එන්නත අලුතින් අනාවරණය කරගත් මේ ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාව ලබාදෙනු ඇති බවට අපගේ විශ්වාසය තහවුරු කරනවා’’ යැයි මෝඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් බැන්සල් පැවසීය.

Read More

අප්‍රිකානු කලාපයේ වඩාත්ම බලපෑමට ලක්වූ අප්‍රිකානු රටවල් අතර දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව, ඊජිප්තුව සහ ඉතියෝපියාව ඇතුළත්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,138,000ක් ඉක්මවා ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේදී නායක ජෝ රූට් රැස්කළ ශතක ඉනිම අගයමින්, ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසා ඇත්තේ, එම ඉනිමෙන් බොහෝ දේ ඉගෙනගැනීමට හැකියාව ඇති බවයි. තරගයේ තෙවැනි දිනය අවසානයේදී ’ස්කයි ස්පෝර්ස්ට්’ වෙත අදහස් දක්වමින් සංගක්කාර මේ බව පැවසීය.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ කැනඩා නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත පැන යාම සදහා තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු , කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු, සීසීටීවී දර්ශන නිරීක්‍ෂණය මගින් සමීප ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත් බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මෙම පත්කිරීම සිදුවිය.

Read More

අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 383ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ගල්හින්න පල්ලියකොටුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් ගල්හින්න සහ පල්ලියකොටුව වසම් දෙක අද සිට හුදකගා කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්ව තිබේ. එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත මෙම තරග සංදාරය ජුනි 23දා ආරම්භවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 15දා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගාල්ල කොටුවේ ප්‍රදිපාගාරය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය තරුණ හිමිනමක් දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි අපවත්වි ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

බණ්ඩාරවෙල කුඩා ළමුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35දෙනෙකු වෙනුවෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද (25දා) සඳහන් කළේය.

Read More

සමගි ජනබලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වෙයි.

Read More

හම්බන්තොට මහරෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරීන් දෙදෙනෙකු සහ සුළු සේවකයින් දෙදෙනෙකු හට මේ වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක එස්,ඩි ,යු ,එම් ,රංග මහතා කියා සිටි.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු ආයෝජකයන්ට බදු දීම හෝ විකිණීමට විරෝධය පළකරමින් ජනාධිපතිවරයාට භාරදීම සදහා මහජන පෙත්සමක් අත්සන් තැබීම අද 25 පෙරවරුවේ අම්බලන්තොට නගරයේදී සිදුකෙරිණි.

Read More

පානදුර පල්ලිය මුල්ල හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අද ( 25) ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර උතුරු පොලිසිය කියයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.