119ට අසත්‍ය තොරතුරු කාන්තාව රිමාන්ඩ්
119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දංකොටුව පොලීසියට යම් පිරිසක් වාහනයකින් පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් යම්කිසි අනර්ථයක් සිදුකිරීමට සුදානම්වන බව පවසමින් පෙරේදා (18) දිනයේ දී සවස 2.45 ට පමණ මෙම දුරකථන ඇමතුමක් ලැබී ඇති බව ඒ මහතා පැවසීය.
ඒ අනුව, දංකොටුව පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ දංකොටුව ප්‍රදේශයෙම පදිංචිව සිටි අවුරුදු 25ක් වයසැති කාන්තාවක් විසින් බවය.
ඊයේ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇමතුම ලබා දුන් සැකකාරිය ලබන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් කාන්තාව ඇප මත මුදා හැර තිබේ.
RELATED ARTICLES
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

