එක්සත් රාජධානියේ 100,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති කොරෝනා වෛරස් වසංගතයට රජය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමන් පූර්ණ වගකීම භාර ගන්නා බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියි.
ඉන්දුනීසියාවේ ජාතික කොවිඩ්-19 කාර්ය සාධක බලකායට අනුව, එරට කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාව ඊයේ (26දා) දිනය වනවිට මිලියනය ඉක්මවා ගියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,155,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (26දා) වාර්තා වූ නව ආසාදිතයින් 85දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,416 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව විවේචන ඉදිරියටත් පැවැතිය හොත් තරග වර්ජනය කිරීමක නිරත වීමට සූදානම් බවට තමා පැවැසුවේයැයි සමාජ මාධ්‍ය අතර මේ දිනවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000කට අධික පිරිසකට සිදු කරනු ලැබූ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වලින් ඉන් තිදෙනෙකුට කොරෝනා අසාදිත බව හදුනා ගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 379 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව රජය නිවේදනය කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 369 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreවිදෙස් රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටියි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 01/26 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ දී 11,000 සීමාව ඉක්මවා ගිය බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreඅනිද්දා දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරනු ලබන පුද්ගලයින්ව රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.
Read Moreදැරියන් කෘරත්වයට පත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අනුරාධපුර අවන්ති දේවී ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
Read Moreතවත් රෝගීන් 709 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඉන්ධන මිල වැඩිකිරීමට තමන් යෝජනා නොකළ බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඉන්ධන මිල වැඩිකිරීමට තමන් යෝජනා කළ බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
Read More- අනුකරණය විය යුත්තේ අප විසින් බාලයා නොව, බාලයා විසින් අපව අනුකරණය කරන තැනට අප ශක්තිමත් වීමය
Read Moreදිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන 6059 ක් හදුනාගැනේ. එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමෙරට පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවෙහි 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වීම මත එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.
Read Moreකහතුඩුව නගරයේ රූපලාවන්‍යාගාරයක සහ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවෙකුට සහ හිමිකාරියක ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 866 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වන බව සඳහන් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.
Read Moreජනනය කරන විදුලිය ගබඩා කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජල විදුලි බලාගරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යනයක් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreවැවිලි අංශ සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැවීම සඳහා අවශ්‍ය පියවර ගැනිමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 48ක් වාර්තා විමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (26) පෙරවරු 6.00 වනවිට 3987ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.
Read Moreවැල්ලවාය නගරය අසල වැල්ලවාය - ඇල්ල මාර්ගයේ ඊයේ (25) බිම වැටී සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreමේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ කොරෝනා වසංගතය නෙමෙයි. අද හැමෝම කතාවෙන්නෙ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන. මේ ජැටිය සම්බන්ධයෙන් සියලුම ගිවිසුම් වලට එලඹිලා තිබුණේ පසුගිය යහපාලන රජය. නමුත් ඒ සියලු ගිවිසුම් වල අයහපත් දේ මගහැරලා යහපත් විදිහට ක්‍රියා කිරීමයි අපි මේ කරන්නේ. මේක රටට අහිතකර කාරණාවක් නෙවෙයි.
Read Moreවිදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිත කොට කොවිඩ් ව්‍යවසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.
Read Moreමිටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදි තියුණු ආයුධවලින් කපාකොට පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ අතේ මැණික්කටුවට පහලින් කොටස මිටියාගොඩ මංසන්දියට ගෙනවිත් දමා ඇති බව මිටියාගොඩ පොලිසිය පවසයි.
Read Moreලංකාවේ මේ වන විට කුඩාම මුදල් ගනුදෙනු සඳහා බොහෝවිට භාවිත වන්නේ කාසියයි. කාසි මගින් ගනුදෙනු කිරීම පිළිබඳව අපට දීර්ඝ ඉතිහාසයක් තිබේ. රජ සමයේ පටන් විවිධ ආක්‍රමණවලදී හෝ විදෙස් ගනුදෙනු වලදී භාවිත කළ පැරණි කාසි තවමත් විවිධ ප්‍රදේශවලින් හමුවේ. වර්තමානයේදී අප භාවිතකරන කාසි රැසකම නිර්මාණ ශිල්පියෙකු ලෙස M.N.M ෆ්‍රිස්වි මහතා හැඳින්විය හැකිය.
Read More