අවුරුදු කාලේ විනෝද චාරිකා ගිය 52කට කොවිඩ්
අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගොස් දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 45 දෙනෙකු බස් රථයකින් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ඇති අතර , එයින් 38 දෙනෙකුටම මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .
එසේම වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ද පසුගිය අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකාවකට සහභාගී වී ඇති අතර , ඒ පිරිස අතරින් 14 දෙනෙකුට ද මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
එමෙන්ම ඉදිරි දින වල ද අලුත් අවුරුදු ප්‍රීතිය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකම බයිසිකල් ධාවන තරග සහ මැරතන් ධාවන තරග පැවැත්වෙන බවට විශාල පුවරු ප්‍රදේශය පුරා මහජනතාව දැනුවත් කිරීම සදහා සවි කර තිබේ .
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලා තුළින් ද අද දින තවත් සේවකයින් 04 දෙනෙකු මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

