saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7363 hours ago

LATEST

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට ඒකඟත්වය

calendar_today 2021 පෙබ 08 - 19:47 remove_red_eye - 303  

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 900 ක් සහ ප්‍රසාද දිමනාවක් වශයෙන් රු 100 ක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව (08) දින තිරණය කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් විය.

Read More

සිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 72ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (08) වන විට 5201ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තවත් කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණ වැඩසටහන සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

දෙමළ පක්ෂ එක් වී දියත් කරන පොතුවිල් සිට පුලිගන්ඩි දක්වා යන පා ගමන මගින් දෙමළ ජනයාට කිසිම වාසියක් නොලැබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.

Read More

ගම්පහ දාරලුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබෙන ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා වෘක්ෂය සම්බන්ධව මෙම දිනවල පළ වී ඇති පුවත් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බවත් කිසිදු පුද්ගලයෙකුට එම ගස කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය

Read More

රිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග 08 දින දවල් වන විට වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 553ක් බවත් එම රෝගීන් සියලුම දෙනා රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බවත් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජේ.සී.එම් තෙන්නකෝන් මහත්මිය පැවසීය.

Read More

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරීවරයා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයන් බව අද අනාවරණය වීම හේතුවෙන් ප්‍රාදේශීය සභා කාර්යාල කටයුතු අඩපණ විය හැකි බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

බලශක්ති ක්ෂෙත්‍රයේ රැකියාවේ නිරත වූවන් වෙනුවෙන් ප්‍රමුඛතා පදනම අනුව කොවිඩ් එන්නත ලබාදීම සඳහා ඉල්ලීමක් කර තිබේ.

Read More

හැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදිම අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි (08) දින සිදු කෙරිණ.

Read More

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ මුතුන්මිත්තන් හොඳින් අවබෝධ කර ගෙන සිටියහ. එනිසාම සූර්යයාට කෘතගුණ සලකන්නට ඔවුන් පුරුදුව සිටි අතර, සූර්ය ශක්තිය මගින් බොහෝ දෑ කළ හැකි බවටත් ඔවුන් තුළ විශ්වාසය පැවතුණි. සූර්යය වන්දනාව සිදු කරමින් මිනිසාට ළඟා කරගත හැකි දේ පිළිබඳ මෙම ලිපියෙන් ගෙන ඒමට අප බලාපොරොත්තු වුණෙමු.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය ඊයේ දිනයේදීත් පත්ව තිබේ. ඊයේ ශ්‍රි ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 772ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයන් 245ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මුහුණු ආවරණ නොපැළඳි හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර නොගත් පුද්ගලයන් 19ක් පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය අසාදනය වූ 78 හැවිරිදි දෙදරු පියෙකු ඊයේ (07දා) අලුයම මිය ගොස් තිබේ.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් තිදෙනෙකුට (07) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ පැවසිය.

Read More

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක් සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභ ඵලදායි ලග්න වනුයේ, මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන වැනි ලග්නයන්ය.

Read More

ඔවුන්ගේ කෝපය උත්සන්න වී ඇත්තේ එන්නත් කරන ලද අයට වඩාත් නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසන ’කොරෝනා ගමන් බලපත්‍රයක්’ දියත් කිරීමේ රජයේ සැලසුම්ය. මෙය එන්නත් කිරීම සඳහා බැඳීමක් වන අතර, එය පුද්ගල නිදහසට තවදුරටත් සීමා කිරීමක් බව උද්ඝෝෂකයෝ පවසති.

Read More

ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ කියා සිටියේ රුසියාවේ ස්පුට්නික් වී එන්නත හෝ චීනයේ එන්නත් යුරෝපා සංගමය විසින් අනුමත කරන්නේ නම් තම රට තුළ ඒවා නිෂ්පාදනය කිරීමට තමා සූදානම් බවය.

Read More

’’අපට මිලිටරි ආඥාදායකත්වයක් අවශ්‍ය නැහැ. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි’’ යනුවෙන් ප්‍රධාන නගරය වන යන්ගොන්හි ජනයා හඬ නගයි. තවත් නගර රැසක රැලි විශාල ප්‍රමාණයක් පැවැත්විණි.

Read More

මේ අතර චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් 600,000ක පළමු කාණ්ඩය කාම්බෝජ රජයට ඊයේ ලැබී තිබුණි.

Read More

උත්තරාකන්ද් ප්‍රාන්තයේ ගම්මානවල ජනතාව ඉවත් කර ඇති නමුත් 125කට වැඩි පිරිසක් මෙම ගංවතුරට හසු වී ඇති බවට බලධාරීන් විශ්වාස කරයි.

Read More

එසේම කොරෝනා වෛරසය කාන්දු වූ බවට චෝදනා ලැබ සිටි වූහාන් හි වෛරස් විද්‍යා ආයතනයටද WHO විශේෂඥ කණ්ඩායම පසුගියදා පැමිණියේය. ඩෙඩ්කොව් සංචාරයෙන් පසුව එතැනින් වෛරසය කාන්දු වීම පිළිබඳ න්‍යායද ප්‍රතික්ෂේප කළේය.

Read More

ඒ අනුව නව වෛරස ප්‍රභේදයන්ටද ඵලදායී ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි නව සංස්කරණයක් සඳහා විද්‍යාඥයන් කටයුතු කරමින් සිටින බවත්, එය සරත් සෘතුවේදී පමණ ලබාගත හැකි බවත් සමාගම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,315,000ක සීමාවට ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.