වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑම වළක්වාලමින් නියෝගයක්
බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී ඇති ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන තිබෙනවා.
ඒ අනුව වෙලේ සුදා නැමැත්තා සම්බන්ධයෙන් දැනට පවතින ආකාරය එලෙසම මේ මස 24 දා තෙක් පවත්වාගෙන යන ලෙසට අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කළේය .
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ වෙලේ සුදා නැමැත්තාගේ මව විසින් ගොනු කළ රිට් පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවය .
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්ත්වයක් තිබෙන හෙයින් තම පුත්‍රයාට ද මෙම ඉරණමක් අත්වනු ඇතැයි තම සේවාදායිකාව බියෙන් පසුවන බවය.
එබැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් කඩිනම් නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති නීතිඥවරයා අවධාරණය කරන ලදී .
වග උත්තරකරුවන්ට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලදී .
popular news
-
Nandana Monday, 17 May 2021 10:51 PM
Mara wade buussa muge office ekada? Condem wechcha unta aye Mona niyogada?,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

