saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7339 hours ago

LATEST

කොරෝනා මරණ 430ක් දක්වා ඉහළට

calendar_today 2021 පෙබ 19 - 06:18 remove_red_eye - 564  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. ඒ අනුවට සමස්ත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (18) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 243ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ 2019 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (18) නිකුත් කර තිබේ.

Read More

අද (18) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 258ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කැස්බෑව අධිකරණයේ සේවයේ නියුතු නීතීඥ අඹුසැමි යුවළකට කොරෝනා වෛරසය වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් එම අධිකරණයේ සාමාන්‍ය රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය (19) දා පැවසුවාය .

Read More

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ’’ජයගමු’’ වැඩසටහන යටතේ ’’පාපන්දු සිකුරාදා (Football Friday)’’ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් හදුන්වාදෙන දෙවන වැඩසටහන් වේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 89ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) පෙරවරු 6.00 වන විට 6241ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 647 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

කළුතර සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ 20 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.

Read More

පාරිභෝගික ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇත. මුදල් අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන මෙම නව ක්‍රමවේදයේ පළමු පියවර ලෙස කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් ජනතාවට එළවළු සහන මිලට ලබා ගත හැකි වන පරිදි අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කර තිබේ.

Read More

ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනය කර සිටී.

Read More

කොරෝනා වසංගත තත්වය ලෝකය පුරා පැතිර යාමත් සමගම , ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා නවතා දමා තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් ගමන් 02/18 දින අලුයම සිට යළිත් ආරම්භ වී ඇති බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මැදපෙරදිග ඇතුලු විදෙස්රටවල් කිහිපයකින් පැමිණි ශ්‍රී ලාංකිකයින් යාපනය නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන එමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් 19 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Read More

උතුරු පළාතට මේ දක්වා ලබා නොදුන් බලය වර්තමානයේ ලැබීම ජාතික සංහිඳියාවට ලැබුණු ජයග්‍රහණයක් බවත් මෙවැනි ක්‍රියාවන් නිසා දෙමළ ජනතාවගේ හදවත්වල තව තවත් රජය පිළිබද විශ්වාසයක් ගොඩ නැගෙන බවත් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

Read More

වීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙකු 17 බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි . සැකකාර නයිජීරියානු ජාතිකයා 32 හැවිරිදි පුද්ගලයෙකි.

Read More

ලංකා සතොස ආයතනයේ තෝරාගත් පරිශ්‍ර 75ක මෙම එළවළු අලෙවි සැල් පිහිටුවා ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 26කදී, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 41කදී සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන 8කදී මෙම පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරේ.

Read More

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

නාවික හමුදාවේ රියර් අද්මිරාල් DKP දසනායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාමගෙන තිබේ.

Read More

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇ​ත.

Read More

එරට පුද්ගලයන් 100,000කට එන්නත් කිරීමට තරම් මාත්‍රාවන් 200,000ක් බීජිං සිට ඩකාර් දක්වා සෙනෙගාල් ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.

Read More

දකුණු අප්‍රිකාව මුලින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකරමින් සිටියද එය රටේ නව පැතිරෙන නව වෛරසය ප්‍රභේදයන්ට අවම ආරක්ෂාවක් ලබාදෙන බව පවසමින් එය ලබාදීම අත්හිටුවීය.

Read More

දකුණු කොරියාවේ ආහාර හා ඖෂධ සුරක්‍ෂිතතා අමාත්‍යංශය පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි කොරෝනා වෛරස එන්නත මාත්‍රාව මිලියන 1.57ක් නැව්ගත කිරීමට අවසන් අනුමැතිය ලබා දී ඇති බවයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 16 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1147 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ්-19 එන්නත් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමේදී චීනය කිසිවිටෙකත් භූ දේශපාලනික අරමුණු නොසෙයූ බවත්, කිසිවිටෙකත් ආර්ථික වාසි ගණනය කිරීමක් හෝ ඊට දේශපාලන කොන්දේසි එකතු නොකළ බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරයි.

Read More

දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු B.1.351 කොරෝනා වෛරස ප්‍රභේදයන් වෙතද ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත හා මොඩෙර්නා එන්නත තවදුරටත් ආරක්ෂාව සපයන බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි.

Read More

සමහර තනි මාදිලියේ පුරෝකථනයන් මෙන් නොව, එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සිදුකරන සමූහ පුරෝකථනය මගින් අනාගතයට සති කිහිපයක් පමණක් ප්‍රක්ෂේපණය කරයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකානු ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව එන්නතෙහි බ්‍රසීල හවුල්කරු එම එන්නතෙහි සායනික ප්‍රතිඵල මත පිහිටා පවසා සිටියි.

Read More

ඊයේ (18දා) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 713 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.