saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 987 hours ago

LATEST

විදුලිය බිඳ වැටිමට හේතුවත් පසුගිය අදූරදර්ශී රජයන්

calendar_today 2025 පෙබ 10 - 08:30 remove_red_eye - 476  

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බවත් පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුව බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 25ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත යොමුකර තිබේ. නවතා තිබූ බස් රථයක පිටුපස අනෙක් බස් රථය ගැටී අනතුර සිදුව තිබේ.

Read More

කරාඩුගල පොලිස් වසමට අයත් නිල්ගල හෑකොලොන්දෙණිය ප්‍රදේශයේදී තම බෑණාට දත් තුනක් කැඩෙන සේ කොස්සකින් පහරදී බරපතළ තුවාල සිදුකළ නැන්දම්මා (08) වෙනිදා කරාඩුගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

තමන්ගේ ව්‍යාපාරික ගජ මිතුරෙකු විසින් සිංහරාජ වන පිවිසුමේ නීති විරෝධී මැණික් පතල් කැණීමක් සිදුකරන බවට ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍ය බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහතා සඳහන් කරයි.

Read More

ජනතාව ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක් වර්තමානයේ බලයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ඕස්ට්‍රේලියාව සමඟින් නිමාවූ ටෙස්ට් තරගාවලින් අනතුරුව ශ්‍රී ලංකාවට අයි.සී.සී ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයෙන් මෙවර තරගාවලිය නිමා කිරීමට සිදුවිය.

Read More

ගිනි තැබූ නිවාසවලට ගෙවූ මුදල සිය ගුණයකින් ගෙව්වද එම පෑරුණු සිත් පිළිබඳව ගණනය කළ නොහැකි බවත් ගිනිතැබූ පුද්ගලයන් හඳුනා ගැනීමට වැඩි පරීක්ෂණ අවශ්‍ය නොමැති බැවින් වර්තමානයේ පවතිනුයේ විකෘති දේශපාලනයක් මිසක ප්‍රකෘතියක් නොවන බවත් මෙය අනෙක් පැත්තට මාරුවීමට ඇත්තේ තව පෝය කිහිපයක් පමණක් බවත් දිලිත් ජයවීර මහතා පැවසීය.

Read More

දිවයින පුරා සිදුවූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අද පෙරවරු 11.30ට පමණ දිවයින පුරාම විදුලි සැපයුම බිඳ වැටුණි. මේ සඳහා බලපෑ හේතු සොයා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතය.

Read More

ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අතුරුදන් වූ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඊයේ (8) රාත්‍රියේම ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දුම් පානය කිරිම, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතා කිරිම, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කර ගමන් කිරිම, ලග තබා ගැනිම, විකිනිම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂ ඊ. ඒ. වීරසේකර මහතා පවසයි.

Read More

මෙරට සියලු දෙනාට නිදහසේ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට ඉඩ දීම භයානක තත්ත්වයක් බවත් එය ඉදිරියේදී නියාමනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ යොදන බව නව ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතා පවසයි.

Read More

දින හයකට පෙර මාළු ව්‍යාපාරිකයකුගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් රුපියල් කෝටියකට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පළා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රට පුරා සමස්ථ විදුලි පද්ධතිය නැවති ඇති බව ඉහල නිළධාරීයකු පවසයි.

Read More

දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

Read More

පානදුර ග්‍රිඩ් උපපොලේ සිදු වූ හදීසි තත්ත්වයක් හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

Read More

ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා දිවා කාලයේ ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය ගමන් වාර අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි .

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(09දා) සමත් විය.

Read More

ජපන් ජාතිකයන් වස්තුවක් ලෙස සැලකෙන ජපන් කොයි මත්සයා මෙරට ජනතාවගේ ස්වං රැකියාවක් බවට පත්ව ඇතැයි ජපන් කොයි අභිජනන මධ්‍යස්ථානය කියයි.

Read More

දිවයිනපුරා විදුලිය බිඳ වැටී ඇති බවට වාර්තා වේ.

Read More

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුවල්ව සොයා බලා රජයට නිර්දේශ කිරිම කැබිනට් අනුකමිටුවක් පතිකරිමටත් එම යෝජනා පෙබරවාරි අවසන් විමට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කිරිමටත් තිරණය කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

Read More

සංචාරත ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

මුදල් සහ දේපළ සොරා ගැනීම සදහා ව්‍යාපාරික නිවසකට ඇතුළු වී එහි සිට කාන්තාව ගෙළ කපා මරා පසුව පුළුස්සා දමා පළා ගොස් සිටි යුධ හමුදාවෙන් පළා ගිය සෙබලෙකු ඊයේ (08) දින රාගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ පරීක්ෂණය යටතේ අත්අඩංගුවට ගෙන සිටි බව සඳහන් කරමින් නිදහස් කළ සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අය නොවන බව නිතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදීත් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අඛණ්ඩව තෙවැනි වතාවටත් ශ්‍රි ලංකාවේ විදෙස් සංචිතය සුළු වශයෙන් පහළ ගොස් තිබේ. මේ අනුව ජනවාරි මාසයේද ශ්‍රි ලංකාවේ නිල විදෙස් සංචිතය සියයට 0.9කින් පහළ ගියේය.

Read More

මිලියන 1100 වැය කොට මහපොළ අරමුදලෙන් SLIIT ආයතන ඉදි කිරීම පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

Read More

බියගම සියඹලාපේ විහාරස්ථානයක් අසළදි පුද්ගලයෙක් පැහැරගෙන ගොස් සියඹලාපේ ප්‍ර දේශයේ නිවසකට රැගෙන ගොස් පහරදුන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

පොලිසියේ ඉහළම නිලධාරීන් 7 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. මෙසේ ස්ථාන මාරුවිම් ලැබූ පොලිස් නිලධාරින් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද වෙයි.

Read More

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.

Read More

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.