විපක්ෂයේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සුරකින්නේ නැතිනම් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායකවරයා ප්‍රකාශ කිරීමෙන් පසු අද(10දා) පාර්ලිමේන්තුවේදී ඊට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“සභානායකතුමා කිව්වා අපි කථානායකට විරුද්ධය විශ්වාසභංගයක් ගේනවා කියලා. තමුන්නාන්සේ(කථානායක) විපක්ෂයේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් රකින්නේ නැති නම් අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. ”