2022 දී මෙරට තුළ අරගලය සිදු වූ අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හදීසි නීතිය පනවා තත්ත්වය පාලනය නොකලේ නම් වර්තමානයේ නේපාලයට සිදු වූ දෙය ශ්රී ලංකාවටත් සිදුවීමට ඉඩ තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ පැත්වෙන විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“නේපාලයේ අග්රාමාත්යවරයාගේ නොනා ඊයේ පුච්චලා මැරුවා. පෙන්නන්නේ මොකක්ද මුළින්ම? ලංකාවේ ජනාධිපති මන්දිරය අල්ල ගත්ත එක තමයි මුලින්ම පෙන්නන්නේ. ඒකේ නටපු නාඩගම් පෙන්වන්නේ. පූල් එකේ නටපු ඒවා, ජනාධිපතිගේ ඇඳේ බුදියගත්ත ඒවා, පිනුම් ගහපු ඒවා. එහෙම රංචුවකට පුළුවන් මේ රට විනාශ කරන්න. විනාශ කරන්න හැදුවා මේ පාර්ලිමේන්තුවත්. පාර්ලිමේන්තුව අල්ලන්න යන්න කට්ටියට එකතු වෙන්න කිව්වා. මෙතන සුනිල් හඳුන්නෙත්ති මහත්තයා නැති වුණත්, ලාල් කාන්ත මහත්තයාලා ඇවිල්ලා පොල්දූව හංදියේ කතා කරලා කිව්වා. එදා පැන්නා නම් මේක ඇතුලට තමුන්නාන්සේලා හිතනවාද කන්ට්රෝල් එකක් තියෙයි කියලා? නෑ. ඒ අය මේකේ කරන්න පුළුවන් සෙල්ලම් ඔක්කෝම කරලා, කථානායක පුටුව අනිත් පැත්ත හරවලා ඒක උඩ ඉදගෙන සෙල්ලම් කරලා යයි. සමහර විට ගිනි තියන්නත් පුළුවන්. අපි දන්නේ නෑ. ඒ තරම් වෛරයක් මිනිස්සුන්ට තිබුණා ඒ වෙලාවේ. ඒත් රනිල් වික්රමසිංහ මහත්මයා හදීසි නීතිය දාලා , හමුදාව දාලා පාලනය කළේ නැත්නම් පාර්ලිමේන්තුවේ අපිට මෙහෙම ඉදන් කතා කරන්න වෙන්නේ නෑ. ”