සේවාදායකයකු හමුවීම සඳහා පෑලියගොඩ පොලිසියට ගිය බව කියන නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්න නමැත්තාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සියළු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට අද (03දා) නියම කළේය.
මෙතෙක් විදුලිය පහසුකම් නොලැබ සිටින අඩුආදායම්ලාභී සහ සමෘද්ධිලාභීන් වෙත නොමිලයේ විදුලි සබඳතා ලබාදීමේ පළමු අදියර, මේ මස 06 දා ගිරිබාවෙන් ඇරඹීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වලට අවධාරණය කරයි.
Read Moreමෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීම සඳහා දුම්රිය මාර්ග තුනක් හඳුනාගෙන තිබේ. රාගම සිට කොළඹ කොටුව හරහා කිරුලපන දක්වා ද, අනෙක් මාර්ගය මොරටුව, පිළියන්දල, නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ද, තුන් වැන්න කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ හරහා හුනුපිටිය දක්වා ද ඉදි කිරීමට යෝජිත බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහි දී අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවැසූහ.
Read Moreනීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreඅන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින උපදෙස් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.
Read Moreබලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු මස 28 පෝය දින සිදුකිරීමට ආරම්භ කරන බව ඓතිහාසික කූරගල පුදබිම භාරකාර වතුකුඹුරේ ධම්මරතන නාහිමියෝ අද (03) සඳහන් කළහ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 417ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437කි.
Read Moreතනතුරෙන් ඉවත්කළ බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා යළි එම තනතුරේ පිහිටුවන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට නියෝග කළ රත්නපුර අංක එක මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නගර සභාපතිවරයා තනතුරින් ඉවත් කිරිමට නිකුත් කළ ගැසට් නිවේදනය නඩු කටයුතු අවසන් වනතෙක් තහනම් කරන ලෙස අද (03දා) නියම කළේය.
Read Moreචයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අති නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂණ(PCR) යන්ත්‍රයක් සහ පරික්‍ෂණ උපකරණ ලබා දීම පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
Read Moreකොරෝනා හේතුකොටගෙන ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භුමදානය කිරිමට ඉරණතිවු ප්‍රදේශය සුදුසු තැනක් නොවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පෙන්වා දෙයි.
Read Moreරටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව හා මධ්‍යස්තව ක්‍රියා කළ යුතු බව තම සංඝ සභාවේ හැගීම බවත් මේ පිළිබඳව බලවත් අප්‍රසාදය හා කනගාටුව රජයට ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Read Moreපොලිස් නිලධාරීන් බැන වැදුනයි උරනව පානදුර පින්වත්ත පොලිස් මුරපොළේ පොලිස් කැබ් රථයට ගිනි තැබූ පුද්ගලයා හෙරෝයින් මත්කුඩු සමග ඊයේ 2 අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි .
Read Moreදිවයිනට ගෙන ඒමට නියමිත ඊළග කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍ර යේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඒ අනුව මේ මස අග වන විට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට හා දිවයිනේ සියළු කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එනන්ත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවට ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.
Read Moreගිනි අවියක් යතුරුපැදියේ සඟවා ප්‍රවාහනය කරමින් සිටි රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ ගුවන් හමුදා නිලධාරියකු 2 අගුලාන බෝධිරුක්ඛාරාම පාර අසළදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි .
Read Moreකොවිඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කරමින් අද (03) උදෑසන ඉරණතිව් දූපතට පිවිසෙන් ඉරණමාතා නගර් ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
Read Moreකොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පළමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.
Read Moreයාපනය අරියාලෙයි මණීයන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව දරුවාද සමගින් මාර්තු මස 09 වනදා දක්වා පරිවාස භාරයේ තබන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටියේය.
Read Moreරූමස්සල අභයභූමි ප්‍රදේශයේ මෙතෙක් නොතිබූ මාර්ගයක් ඉදිකිරීමට ඇතැම් පිරිස් දරණ උත්සාහයත් සමඟ එම ප්‍රදේශයේ ගස් කපා දමා එළි පෙහෙළි කර ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න මහතා කීවේය.
Read Moreකුරුවිට තරුණිය ඝාතනය කළ වස බී සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයා අදාල තරුණිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවට ඔහු විසින් ලියන ලද බවට සැලකෙන ලිපියකින් හා පර්වේෂණ සාක්ෂි මගින් අණාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreවතු අධිකාරිවරුන්ට පහර දිම් හෙලා දකිමින් පහර දිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර වතු අධිකාරිවරුන්ට වතු පාලනය කිරිමට ආරක්ෂාව ලබාදෙන ලෙස රජයට බල කරමින් වතු අධිකාරිවරුන් පිරිසක් කළු කොඩි පැළද සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද දින උදැසන නිහඩ විරෝධතාවයක නිරත විය.
Read Moreඉහළ යන වැලි මිල පාලනයට න දිස්ත්‍රික්ක 03ක වැලි කැණීම් කටයුතුවල නිරතවන්නන්ගේ සමුපකාර සමිති මගින් වැලි කැනීම හා බෙදාහැරීම සිදු කිරීමට නියාමණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
Read Moreදහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වන ඉරිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ්-19 ආරක්ෂණ එන්නතට අවස්ථාව ලබාදී ඇතැම් රටවල් වසංගත සීමා කිරීම් ලිහිල් කිරීම වැරැද්දක් බව පවසා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය, සෑමවිටම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග හා දැනට පවතින සීමා එලෙසින්ම පවත්වාගෙන යෑමේ වැදගත්කම යළි යළිත් අවධාරණය කරයි.
Read Moreමුලතිව් විභාග මධ්‍යස්ථානයකදී විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි අන් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 27ක පුද්ගලයෙකි.
Read Moreමැලේසියාවේ මේ වනවිට ලක්ෂ 3ක් ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එරට කොවිඩ්-19 ආසාදිතව 1,141ක් දෙනෙකුට සිය ජීවිතය අහිමි වී තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 03/03 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමෙම එන්නත් තොගයට අමතරව චීනයෙන් ලබාදෙන ලද මුඛ ආවරණ සහ කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් රැසක් කැරකස්හි සිමන් බොලිවර් ගුවන්තොටුපළට ගොඩ බැස්ස බව වෙනිසියුලානු රජය වාර්තා කරයි.
Read Moreමිනිසාට මෙන්ම ලෝකයේ ජීවත් වන විශාලම සත්ත්වයාගේ සිට කුඩාම සත්ත්වයාටත් මිහිතලයේ නිදහසේ හුස්ම ගැනීමට එක හා සමාන අයිතියක් ඇත. අද (03දා) ලෝක වනජීවී දිනයයි. ලෝකය පුරා අද දින ලෝක වනජීවී දිනයට සමගාමීව විවිධ උත්සවයන් පැවැත් වේ. පසුගිය කාලය පුරාවට ලංකාවේ සිදුවුණු විශාල වනාන්තර විනාශයන් සේම ඉන් වනජීවීන්ට සිදුවුණු හානියද අති විශාලය. එම නිසා අද වන විට වනජීවීන් පිළිබඳව අපට කතා කිරීමට ඇත්තේද ඉතා කණගාටුවෙනි. මේ ඒ පිළිබඳව ගෙන එන ලිපියකි.
Read Moreවේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවීදිය මාර්ගයට හිස නැති කාන්තා මළ සිරුරක් රැගෙන හා සැකකරුගේ සිරුර බඩල්කුඹුර ඔහුගේ නිවස ආසන්නයේ කැලෑවක තිබි සොයාගත් බව පොලීසිය පවසයි.
Read More