ඉහළ යන වැලි මිල පාලනයට න දිස්ත්‍රික්ක 03ක වැලි කැණීම් කටයුතුවල නිරතවන්නන්ගේ සමුපකාර සමිති මගින් වැලි කැනීම හා බෙදාහැරීම සිදු කිරීමට නියාමණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වන ඉරිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ්-19 ආරක්ෂණ එන්නතට අවස්ථාව ලබාදී ඇතැම් රටවල් වසංගත සීමා කිරීම් ලිහිල් කිරීම වැරැද්දක් බව පවසා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය, සෑමවිටම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග හා දැනට පවතින සීමා එලෙසින්ම පවත්වාගෙන යෑමේ වැදගත්කම යළි යළිත් අවධාරණය කරයි.
Read Moreමුලතිව් විභාග මධ්‍යස්ථානයකදී විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි අන් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 27ක පුද්ගලයෙකි.
Read Moreමැලේසියාවේ මේ වනවිට ලක්ෂ 3ක් ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එරට කොවිඩ්-19 ආසාදිතව 1,141ක් දෙනෙකුට සිය ජීවිතය අහිමි වී තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 03/03 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමෙම එන්නත් තොගයට අමතරව චීනයෙන් ලබාදෙන ලද මුඛ ආවරණ සහ කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් රැසක් කැරකස්හි සිමන් බොලිවර් ගුවන්තොටුපළට ගොඩ බැස්ස බව වෙනිසියුලානු රජය වාර්තා කරයි.
Read Moreමිනිසාට මෙන්ම ලෝකයේ ජීවත් වන විශාලම සත්ත්වයාගේ සිට කුඩාම සත්ත්වයාටත් මිහිතලයේ නිදහසේ හුස්ම ගැනීමට එක හා සමාන අයිතියක් ඇත. අද (03දා) ලෝක වනජීවී දිනයයි. ලෝකය පුරා අද දින ලෝක වනජීවී දිනයට සමගාමීව විවිධ උත්සවයන් පැවැත් වේ. පසුගිය කාලය පුරාවට ලංකාවේ සිදුවුණු විශාල වනාන්තර විනාශයන් සේම ඉන් වනජීවීන්ට සිදුවුණු හානියද අති විශාලය. එම නිසා අද වන විට වනජීවීන් පිළිබඳව අපට කතා කිරීමට ඇත්තේද ඉතා කණගාටුවෙනි. මේ ඒ පිළිබඳව ගෙන එන ලිපියකි.
Read Moreවේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවීදිය මාර්ගයට හිස නැති කාන්තා මළ සිරුරක් රැගෙන හා සැකකරුගේ සිරුර බඩල්කුඹුර ඔහුගේ නිවස ආසන්නයේ කැලෑවක තිබි සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරස ආරක්ෂණ එන්නත්හි සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලැබූ පුද්ගලයන් සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් මෙම සතිය අගදී මගපෙන්වීමක් නිකුත් කරන බව පවසයි.
Read Moreලබන සතියේ සිට යම් යම් සීමා ලිහිල් කෙරෙන නව කෙටුම්පතට අනුව වැඩිහිටියන් පස් දෙනෙකු නොඉක්මවන පවුල් දෙකක් අතර පෞද්ගලික හමුවීම් සඳහා නැවත මාර්තු 8දා සිට අවසර දෙනු ලැබේ.
Read Moreචීනයේ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් වැඩි ප්‍රමාණයක් නේපාලය වෙත ලබාදෙන බව නේපානයේ චීන තානාපති හූ යැන්කි පවසයි.
Read More“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.
Read More2020 ජුලි මස අග භාගයේදී වාර්තා වූ කොවිඩ්-19 මරණ 1,595ක් ඉක්මවා ගිය අවස්ථාවට පසුව, බ්‍රසීලය කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ නව උච්චතම අවස්ථාවකට මුහුණදී ඇති අතර, රෝහල් පද්ධතිය බිඳවැටීමේ අද්දරට තල්ලු වී තිබේ.
Read Moreවිදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ’පල්ලියේ ලිංගික අපයෝජනය පිළිබඳ ස්වාධීන කොමිසම’ (CIASE) ඇස්තමේන්තු කර ඇත්තේ වින්දිතයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් දසදහසක් ආසන්නයට පැමිණ ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,790,000ක් ඉක්මවා ගොස් ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read Moreඅද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 164ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 153ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපස් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ෂ හාරලක්ෂ 25000 අල්ලස් මුදලක් ලබා ගනිද්දී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය
Read Moreපසුගිය රජය සමයේ නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශවල විශාල ලෙස දූෂණ සිදුව තිබෙන බවත් දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිටු වාර්තා මගින් පසුගිය යහපාලන රජය සමයේ සිදු වූ දූෂණ හා වංචා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන බවත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මහනුවර දී පැවසීය .
Read Moreතලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreහිස නැති කාන්තා මළ සිරුර විශාල ගමන් බෑගයක බහා කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ බස් රථය වේල්ලවීදිය පොලීසිය මගින් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරන පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
Read Moreතවත් ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 80,020ක් ලෙස වාර්තා වේ.
Read Moreඅපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා. ගොඩනඟලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ යෙදිලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා.යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරනකොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්ව
Read Moreඉකුත් ජනාධිපතිවරණ සමයේ අන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් එවකට අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය නීතිගත සංස්ථාවවේ හිටපු සභාපති මොහොමඩ් රූම්ට එරෙහිව ගොනු කල නඩුව ලබන මස 28වනදා යළි කැඳවන් ලෙස කොලඹ මහාධිකරණය නියම කළේය.
Read Moreවිවිධ ආයෝජන කටයුතු වෙනුවෙන් රජයේ දේපොළ ලබා දීමට අදාළ තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී කඩිනම් පියවර අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දෙයි. එසේ ම රාජ්‍ය ආයතනයක් අයෝජන කටයුත්තක් සඳහා එකම දේපොළක් වෙනුවෙන් විටින් විට තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී යම් සහන ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා තක්සේරු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේ ය.
Read Moreමෙවර Singapore Space Challenge 2021 තරඟාවලියේදී කණ්ඩායම් සඳහා ලබාදුන් කාර්යය වුයේ, ’’සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාවිතා කිරීමට හැකි වන පරිදි රෝවර් යානයක් සැලසුම් කිරීම’’ යි.
Read More2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මාර්තු මස 16 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreමෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ.
Read More