saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7264 hours ago

LATEST

දෛනික ආසාදිතයින් 335ක්

calendar_today 2021 මාර් 03 - 21:42 remove_red_eye - 127  

අද (03) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 130ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දුන්නේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු මේ මස 10 දින දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත් අවු 16 වයසැති සිසුවෙක් පරිවාස භාරයේ තබන ලෙසත් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය (03) දින නියෝග කලහ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් මාත්‍රා 264,000ක තොගය ලබන ඉරිදා මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙයි.

Read More

තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 484ක් දක්වා වර්ධනය වී තිබේ. එරාවුර් ප්‍ර දේශයේ පදිංචි 65 හැවැරිදි කාරන්තාවක් මුල්ලේරියාව රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.03 දින උපදෙස් දුන්නේය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 205ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,075ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (3) කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය

Read More

සේවාදායකයකු හමුවීම සඳහා පෑලියගොඩ පොලිසියට ගිය බව කියන නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්න නමැත්තාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සියළු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට අද (03දා) නියම කළේය.

Read More

මෙතෙක් විදුලිය පහසුකම් නොලැබ සිටින අඩුආදායම්ලාභී සහ සමෘද්ධිලාභීන් වෙත නොමිලයේ විදුලි සබඳතා ලබාදීමේ පළමු අදියර, මේ මස 06 දා ගිරිබාවෙන් ඇරඹීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වලට අවධාරණය කරයි.

Read More

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීම සඳහා දුම්රිය මාර්ග තුනක් හඳුනාගෙන තිබේ. රාගම සිට කොළඹ කොටුව හරහා කිරුලපන දක්වා ද, අනෙක් මාර්ගය මොරටුව, පිළියන්දල, නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ද, තුන් වැන්න කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ හරහා හුනුපිටිය දක්වා ද ඉදි කිරීමට යෝජිත බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහි දී අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවැසූහ.

Read More

නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.

Read More

බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු මස 28 පෝය දින සිදුකිරීමට ආරම්භ කරන බව ඓතිහාසික කූරගල පුදබිම භාරකාර වතුකුඹුරේ ධම්මරතන නාහිමියෝ අද (03) සඳහන් කළහ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 417ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437කි.

Read More

තනතුරෙන් ඉවත්කළ බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා යළි එම තනතුරේ පිහිටුවන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට නියෝග කළ රත්නපුර අංක එක මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නගර සභාපතිවරයා තනතුරින් ඉවත් කිරිමට නිකුත් කළ ගැසට් නිවේදනය නඩු කටයුතු අවසන් වනතෙක් තහනම් කරන ලෙස අද (03දා) නියම කළේය.

Read More

චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අති නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂණ(PCR) යන්ත්‍රයක් සහ පරික්‍ෂණ උපකරණ ලබා දීම පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

Read More

කොරෝනා හේතුකොටගෙන ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භුමදානය කිරිමට ඉරණතිවු ප්‍රදේශය සුදුසු තැනක් නොවන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පෙන්වා දෙයි.

Read More

රටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව හා මධ්‍යස්තව ක්‍රියා කළ යුතු බව තම සංඝ සභාවේ හැගීම බවත් මේ පිළිබඳව බලවත් අප්‍රසාදය හා කනගාටුව රජයට ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

පොලිස් නිලධාරීන් බැන වැදුනයි උරනව පානදුර පින්වත්ත පොලිස් මුරපොළේ පොලිස් කැබ් රථයට ගිනි තැබූ පුද්ගලයා හෙරෝයින් මත්කුඩු සමග ඊයේ 2 අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි .

Read More

දිවයිනට ගෙන ඒමට නියමිත ඊළග කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍ර යේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඒ අනුව මේ මස අග වන විට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට හා දිවයිනේ සියළු කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එනන්ත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවට ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

Read More

ගිනි අවියක් යතුරුපැදියේ සඟවා ප්‍රවාහනය කරමින් සිටි රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ ගුවන් හමුදා නිලධාරියකු 2 අගුලාන බෝධිරුක්ඛාරාම පාර අසළදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි .

Read More

කොවිඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කරමින් අද (03) උදෑසන ඉරණතිව් දූපතට පිවිසෙන් ඉරණමාතා නගර් ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පළමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

Read More

යාපනය අරියාලෙයි මණීයන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව දරුවාද සමගින් මාර්තු මස 09 වනදා දක්වා පරිවාස භාරයේ තබන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටියේය.

Read More

රූමස්සල අභයභූමි ප්‍රදේශයේ මෙතෙක් නොතිබූ මාර්ගයක් ඉදිකිරීමට ඇතැම් පිරිස් දරණ උත්සාහයත් සමඟ එම ප්‍රදේශයේ ගස් කපා දමා එළි පෙහෙළි කර ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න මහතා කීවේය.

Read More

කුරුවිට තරුණිය ඝාතනය කළ වස බී සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයා අදාල තරුණිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බවට ඔහු විසින් ලියන ලද බවට සැලකෙන ලිපියකින් හා පර්වේෂණ සාක්ෂි මගින් අණාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

වතු අධිකාරිවරුන්ට පහර දිම් හෙලා දකිමින් පහර දිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර වතු අධිකාරිවරුන්ට වතු පාලනය කිරිමට ආරක්ෂාව ලබාදෙන ලෙස රජයට බල කරමින් වතු අධිකාරිවරුන් පිරිසක් කළු කොඩි පැළද සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද දින උදැසන නිහඩ විරෝධතාවයක නිරත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.