saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7738 hours ago

LATEST

මන්ත්‍රීවරුන්ට අලුත් ක්‍රමයකට ප්‍රාඩෝ ? ඉන්නේ 225යි, 227ක් ගෙන්වන්නේ ඇයි ?

calendar_today 2021 මැයි 24 - 11:53 remove_red_eye - 6042  

මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන අවශ්‍යතාවක් ඇති බැවින් ඒ වෙනුවෙන් වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් සඳහා ආසන 07 ලෑන්ඩ් ක_සර් ප්‍රාඩෝ රථ 227ක් ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ සතියේදී කැබිනට් මණ්ඩලයට කැබි

කොවිඩ් ආසාදනය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (24) වැනිදා දක්වා පුද්ගලයින් 53 දෙනෙකු මරණයට පත්ව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

කුරුණෑගල මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේගොල්ල වසමේ ග්‍රාම නිලධාරිවරයා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 22 වන දින මරණයට පත්ව ඇත.

Read More

කොවිඩ් ආසාදනය වූ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සුව වී පැමිණෙන තෙක් පක්ෂයේ වැඩ කටයුතු සිදු කිරීමට පක්ෂයේ සාමාජිකයන් තිදෙනෙකුට පවරා තිබේ.

Read More

ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රීඩකයින්ගේ සහ නිළධාරීන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂාව තරකිරීමට දිනකට වෛද්‍යවරුන් 230ක් සහ හෙඳ මහත්ම මහත්මීන් 310ක් බැගින් ඔලිම්පික් ආරම්භයේ සිට අවසානය දක්වා දිනපතා අවශ්‍ය වන බව පසුගියදා අන්තර් ජාලය හරහා පැවැති සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක්කළ බව ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් ක්‍රීඩා අංශයේ නියෝජ්‍ය තාක්ෂණික කළමණාකරු සුජීව විජයනායක මහතා සඳහන් කළේය.

Read More

එළවළු වෙළඳාම සඳහා 24 දින අලුයම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 70 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබෙන බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

Read More

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 2,959 දෙනා ගෙන් 554 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කළ වීඩියෝවකට මිලියන 10ක් ඉක්මවූ නැරඹුම් ලබාගනිමින් ප්‍රංශ ජනාධිපතිවරයා සමග ඔට්ටුවක් දිනූ ප්‍රකට යූටියුබ් තරු යුගලක්, එරට ජනාධිපති මන්දියේදී විනාඩි 36ක වීඩියෝවක් ජනපති එමානුවෙන් මැක්‍රොන් සමග සිදුකරමින්, මන්දිරයේ උද්‍යානය රොක් සංගීතයෙන් කලඹයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.

Read More

පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ, පිටකොටුව තොග වෙළෙඳසැල් සහ තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද (24) පෙරවරුවේ සිට විවෘත කර තිබේ.

Read More

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයෙත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙහෙයුම් සිදු කිරිමට පොලිසිය සැලසුම් කර තිබේ.

Read More

පුත්තලම නගර සභාවේ සභාපති කේ. ඒ බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු සහ අදාළ කැබ් රථයේ සිටි පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 636 දෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර්. පරික්ෂණවලදි තහවුරු වි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.

Read More

ගුවනෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු කරමින්, ඇතන්ස් සිට විල්නියස් දක්වා පියාසර කරමින් තිබූ යානයක්, ප්‍රහාරක ජෙට් යානාද යොදවා මෙසේ බෙලාරුස් හි ගොඩබස්වා එහි ගමන් කරමින් සිටි විපක්ෂ ක්‍රියාකරුවෙකු සහ බ්ලොග්කරුවෙකු වන රෝමන් ප්‍රතාසෙවිච් අත්අඩංගුවට ගැනීම ඇතැම් රාජ්‍යයන් විසින් විස්තර කර ඇත්තේ බෙලාරුස් රජය විසින් අනුමත කළ කොල්ලකෑමක් ලෙසිනි.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ඊයේ දිනයේදී බීජින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

අද දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 32ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ඉවත්කර කාන්තා අංශය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

Read More

මසකට ආසන්න කාලයක් ලොක්ඩවුන් සීමා යටතේ පැවති නව දිල්ලියේ කොවිඩ්-19 පරීක්ෂණ ධනාත්මක අනුපාතය මේ වනවිට 2.5%ට වඩා අඩුවී ඇති අතර, එය පසුගිය මාසයේ පැවති 36%ට සාපේක්ෂව විශාල ප්‍රගතියක් බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 691 දෙනෙකු හමුවි තිබේ.

Read More

පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

Read More

මුලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර රෝගය අම්පාර ප්‍රදේශයේ පැතිර යන බවට මේ වෙන තෙක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Read More

ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිතය බිල්ලට නොදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. කොවිඩ් සම්බන්ධයෙන් මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ගාල්ල ,කළුතර ,කෑගල්ල ,නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.

Read More

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

’’නොගිලෙන ටයිටැනික්’’ ලෙස හැඳින්වෙන මෙම නෞකාව මුල් ප්‍රමාණයට සමාන වන අතර, එය මීටර 269.06 (අඩි 882) දිග සහ මීටර් 28.19 (අඩි 92) පළල නෞකාවක් ලෙස ඉදි වෙයි.

Read More

දිවයින පුරා පිහිටි ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.