මධ්‍යම පළාතේ ආසාදිතයින් ගණන 19,980 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (04) ගෙවුණු පැය 24 තුළ ආසාදිතයින් 431 ක් වාර්තාවවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,980 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 10,783කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,762 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,435 දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් ඊයේ (04) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 431කි.
ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 214 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 160ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 57ක් ලෙසිනි.
මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස කුණ්ඩසාලේ 42, ගම්පොල 26, බඹරදෙණිය 22 ක් ලෙසිනි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස අඹගමුව 54, කොටගල 28, මස්කෙලිය 27 ක් ලෙසිනි.
මාතලේ දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස උකුවෙල 24, විල්ගමුව 7, යටවත්ත 6 ලෙසිනි.
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 381 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 235ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 74ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 72 ක් ලෙසින් මෙම මරණ වාර්තා වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

