මානව සෞඛ්‍ය සුරැකීමට නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි
කෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉවහල් වන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභිලාෂයන්ට සහාය දෙනු ඇතැයි ජනාධිපතිත විසින් සඳහන් කරනු ලැබිණ.
ශ්‍රී ලංකාවේ මෙම මුලපිරීම අනිකුත් රාජ්‍යයන්ගේ සහ එම ජාතීන්ගේ පොදු යහපත පිණිස සමාන නිර්භීත ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවනු ඇතැයි ජනාධිපති විශ්වාසය පළ කළේය.
ලෝක ආහාර සුරක්ෂිතාව පිළිබඳ සමුළු සංවිධායක මඩුල්ල වෙනුවෙන් ලිපියක් නිකුත් කර ඇති ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ෆර්ගස් එල්. සින්ක්ලෙයාර් මහතා ජනාධිපති ඉදිරිපත් කළ දේශනය ඇගයීමට ලක් කර තිබේ.
“ඔබගේ නිර්භීත ප්‍රකාශය සහ ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ පැහැදිලි තාර්කිකත්වය ගැන මම ගැඹුරින් පැහැදුනෙමි. මෙම ආරම්භක දේශනය අද වන විට කෘෂිපරිසර විද්‍යා සැසියට පමණක් නොව, සමස්ත සමුළුවේ කෘෂිපරිසර විද්‍යා වාර්තාව කෙරෙහි ද ඉවහල් වනු ඇත. ඔබේ ප්‍රකාශය, ඒවා ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වන අතර ජාතික ක්‍රියාමාර්ග සඳහා ප්‍රවණතාවක් ඇති කරයි.
ඔබේ ප්‍රකාශය ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සමුළුවෙන් ඔබ්බට ගොස්, දේශගුණික විපර්යාසයන් දෙස ගැඹුරින් බැලීමට සහ කෘෂිපරිසර විද්‍යාත්මක මූලධර්ම මත පදනම් වූ වඩා තිරසර ආහාර පද්ධති වෙත යොමුවීමට ප්රමුඛ පෙළේ පියවරක් ලෙස පිළිගනු ඇත. ශ්‍රී ලංකාව විසින් ගනු ලබන මෙම තීරණාත්මක හා ප්‍රායෝගික ක්‍රියා අන් අයට පිටිවහලක් වනු ඇත.” යනුවෙන් ආචාර්ය ෆර්ගස් එල්. සින්ක්ලෙයාර් මහතා සිය ලිපියෙන් සඳහන් කර තිබේ.
popular news
-
somapala Sunday, 06 June 2021 05:17 AM
This joker is in his own world. God bless Sri Lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

