saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7165 hours ago

LATEST

පළාත් කිහිපයකට තද වැසි

calendar_today 2021 මාර් 27 - 08:10 remove_red_eye - 213  

අද (27) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කොවිඩ්-19 හේතුවෙන් බ්‍රසීලයේ ඊයේ (26චා) නව මරණ 3,650ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

විදේශයන්ට එන්නත් පරිත්‍යගයන් ලෙස හෝ ඇණවුම් ලෙස ලබාදෙමින් සිටින චීනය රට තුළද එන්නත් ක්‍රියාවලිය වේගවත් කරමින්, පසුගිය බ්‍රහස්පතින්දා වනවිට රට පුරා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 91.34කට වැඩි ප්‍රමාණයක් පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් හදිසි තිරිංග ඇදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඊජිප්තුවේ දුම්රිය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

කොවිඩ්-19 වෛරස් සම්භවය සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනවලදී එළිදැක්වීමට නියමිත බව අදාළ අධ්‍යයනය සිදුකළ ජාත්‍යන්තර කණ්ඩායමට නායකත්වය දුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙක් පවසයි.

Read More

සූවස් ඇළෙහි සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නිදහස් කිරීමට උත්සාහ කරන පළාත් පාලන ආයතනවලට උපදෙස් දීම සඳහා කැණීම් විශේෂඥයන්ගෙන් යුතු කණ්ඩායමක් අද (27දා) සූවස් ඇළට යැවීමට සැලසුම් කර ඇති බව මැදපෙරදිග ස්ථානගතව සිටින එක්සත් ජනපද නාවික හමුදාව පවසයි.

Read More

ටොන් 224,000ක නෞකාව මීටර් 400 (අඩි 1,312) දිග සහ මීටර් 59 (අඩි 193) පළල වෙයි. ඒ අනුව මෙම නෞකාව නිදහස් කිරීම සඳහා ඇළේ වැලි ඝන මීටර් 20,000ක් ඉවත් කළ යුතු බව ඇල බලධාරීහු පවසති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,000,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

එක්සත් රාජධානිය (එක්සත් රාජධානිය) ෂින්ජියැන් හි ඊනියා මානව හිමිකම් ගැටලු උපුටා දක්වමින් අදාළ චීන පුද්ගලයන්ට සහ ආයතනයට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට විරෝධය දක්වමින් චීනයද එක්සත් ජනපද ආයතන හා පුද්ගලයන් කිහිප දෙනෙකුට සම්බාධක පැනවීය.

Read More

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයිනට කියා සිටී.

Read More

අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, සභාවේ ලේකම්වරයා සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ඇතුළු 06 දෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

Read More

2021 වර්ෂයේ මාර්තු 23 වන විට ලංකාව තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් මරණ 28ක් සහ අලි මරණ 83ක් වාර්තා වී ඇති බවද කමිටුවේදී හෙලිදරව් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ උපදේශක ලෙස පත්වීමෙන් අනතුරුව කෙටි කාලයක් ඇතුළත එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිපිය යොමුකළ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කරගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 166 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අති නවීන PCR රසායනාගාරය ගලවා දමා, විදේශීය මුල්‍ය සමාගමකට රසායනාගාරයක් ඉදි කර, මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනා මාර්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 264 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන් තැපැල් මගින් කටුනායක කූරියර් පාර්සල් ආයතනයක් වෙත එවා තිබියදී ඊයේ (25දා) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.

Read More

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන් තැපැල් මගින් කටුනායක කූරියර් පාර්සල් ආයතනයක් වෙත එවා තිබියදී ඊයේ දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය .

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබේ.

Read More

අපට ඇති සහජ සම්පත ‘මානව සම්පත’ බවත්. තරුණ සතු සහජ හැකියාව, නිර්මාණශීලීභාවය රටේ කොඳු නාරටිය බවත්, අධ්‍යාපනයෙන් අපට අවශ්‍ය වන්නේ ඒ හැකියාව උපරිම මට්ටමින් වර්ධනය කිරීම සහ උද්දීපනය කිරීම බවත් පවත්නා සාමාජීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.

Read More

මාතර, කොප්පරාවත්ත, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ස්විට්සර්ලන්තයේ හිටපු ආරක්ෂක ඇමතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේ යෙදමින් සිටින අතර තුළ ජිනීවා නුව ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණියේය.

Read More

මැතිවරණ සහ ඡන්ද විමසීමේ ව්‍යුහයේ නීතිරීතිවල වෙනසක් ඇතිකිරීමට පත් කරනු ලබන තේරීම් කාරක සභාවේදී සියලු මැතිවරණ නීති රීති සහ සියලු මැතිවරණ ක්‍රමයන් පිළිබඳ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ( 26 ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

යාපනය නගරයේ නගර මධ්‍ය ඇතුලු එක් පැත්තක් වසා දැමීමට අද (26) දින යාපනය දිස්ත්‍රීක් කොවීඩ් මර්ධන කමිටුව විසින් පියවර ගත් බවට උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියේය.

Read More

බිබිල මුලික රෝහලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත් සමග රෝහල් වාට්ටුවක් තාවකාලිකව වසා තැබීමට කටයුතු කළබව මොණරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 වසංගතය සඳහා භාවිත කිරීමට චීනයේ විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් එළැඹෙන බදාදා දිනයේදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.

Read More

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

Read More

පස්සර 13 කණුව ප්‍රදේශයේදි පසුගියදා සිදුවු බස් රථ අනතුරින් මිය ගිය යුවලකගේ දරුවන් තිදෙනාට මවක හා පියෙකුගේ රැකවරණය ලබාදීමට අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබද විශේෂඥවරයෙකු හා ඔහුගේ බිරිද වන ගුරුවරියක ඉදිරිපත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.