saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7140 hours ago

LATEST

බීජිං සිට ලෝකයට ටොන් 11,000ක එන්නත් යවලා

calendar_today 2021 අප්‍රේ 02 - 07:20 remove_red_eye - 250  

චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලන ආයතනයට අනුව චීනය මාර්තු මාසය වනවිට රටවල් 43කට එන්නත් අපනයනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 69කට නොමිලේ එන්නත් යවා තිබේ.

ශ්‍රී ලංකාවේ අවසාන රජු හෙවත් වඩිග රජා යැයි ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ රජෙකු ලෙස ප්‍රචලිත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් ඇසෙන පුවත් සමග, මේ එකී රසබර අතීතයක මතක සටහන් අවදි කිරීමකි.

Read More

රැකියා සදහා ඕමානයට ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මෙය කොවිඩ්-19 නිසා මියගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අයගේ ආදරය, ස්නේහය ප්‍රකට කරන හදවත් පවුරක් බව සඳහන් වේ.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද සමග බ්‍රසීලය මේ වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කිරීමට අවසර දී ඇති අතර අනෙක් ඒවා ෆයිසර්-බයෝටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ කොරෝනාවැක් ය.

Read More

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්‍ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (04දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ලොස් ඇන්ජලීස්හි තදාසන්න කාර්යාල ගොඩනැගිල්ලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 129,334,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

අප්‍රේල 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6කින් දිර්ඝ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරය පවසයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි පණ ගැන්වීම සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අරඹන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) උපදෙස් ලබාදී තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.

Read More

මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්ෂිතයේ පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා අතර පැවැති ද්විපාර්ශ්විය සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාලව නව ව්‍යාපෘති යෝජනා කිහිපයක් ක්‍රීයාත්මක කිරිම පිළිබද සාකච්ඡා වූ අතර, ඒ සදහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟතාව පළ කර ඇත

Read More

ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්) සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අයට ඇප ලබා දී තිබේ.

Read More

අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගතය සාමාන්‍යකරණය වීමේදී රජයට ආදායමක් ලැබෙන ආකාරයට රටට හිතකර අයුරින් කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය පර්යේෂණාගාරය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය අතර සාකච්ඡාවක් අද (01දා) සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

Read More

මරදාන ලොකට් පටුමග අත්හැර දමන ලද පාළු නිවසක් තුළ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමින් මත්කුඩු තොගයක් අද සොයා ගැනීමට හැකි වූ බව මරදාන පොලිසිය කියයි .

Read More

පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිනෝෆාම් එන්නත ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු වයස් කාණ්ඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේඥ කමිටුව විසින් තීරණය කරනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය.

Read More

අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සීමිත පිරිසකගේ සහභාගීත්වය ඇතිව අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවැසුවාය.

Read More

අපේ රණවිරුවන් බේරා ගැනීමට, රටේ ස්වාධීනත්වය, රටේ ‍ස්වෛරීභාවය මෙන් ම ස්වාධිපත්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් යෝජනා සම්බන්ධ ව රටක් ලෙස අපි එක මතයක සිටීම වැදගත් බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

Read More

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කර ඇති යෝජනාව ලබන 05 වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

Read More

නුවර එළිය පොලිස් වසමේ, හග්ගලදී ඉදිරියෙන් ගමන් කළ ත්‍රි රෝද රථයක පසුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තමන්ට 2006 වසරේ මාර්තු මාසයේදී ගිනි අවියක් ලැබුණේ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලේ 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

Read More

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරමින් හවුල් ව්‍යාපාරයක් කරන පුද්ගලයන් දෙදෙනකු අතර ඇති ඇතිවූ ආරවුලකින් අනතුරුව එක් පුද්ගලයකු අනෙකාට පහර දී ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි

Read More

වසර පහකට ආසන්න කාලයක් හොර රහසේ මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් බම්බලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (31දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය. විදේශීය ජාතිකයකු බම්බලපිටිය විශාඛා පාරේ නිවසක රැඳී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව ස්ථානාධිපතිවරයා කීය.

Read More

රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පත්‍රය නැවත නඩු පැවරීමට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම විසින් දැනුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර සිටියේය.

Read More

අද (01දා) සිට දේවස්ථාන හා තෝරාගත් හෝටල් මූලික කරගනිමින් ත්‍රිවිධ හමුදාව පොලීසිය එක්ව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.