saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7107 hours ago

LATEST

තවත් ආසාදිතයන් 71ක්

calendar_today 2021 අප්‍රේ 09 - 23:38 remove_red_eye - 216  

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 71ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. පොලීසියට සමාන නිල ඇඳුමක් ලබාදුන් පුද්ගලයන් යාපනයේ රාජකාරියේ යෙදවීමේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

එළඹෙන සදුදා දිනය (අප්‍රේල් 12) විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More

2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ යලි භාරදීමට තීරණය කර තිබෙනවා.

Read More

රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මොහාන් සමරනායක මහතා පත්කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 112දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 228 දෙනෙකු අද (09) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්විම සහ රජයේ පාර්ශවයේ සියළු දෙනාගේ සහයෝගය මත වතු කම්කරුවන්ට දිනක වැටුප රු දහස දක්වා වැඩි කර එම වැටුප (09) දින ගෙවිමට හැකි වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබලගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ සියලු දුම්රිය ගමන්වාර අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

2015 වසරේදී ආනයනය කළ එළ ගවයන් රඳවා සිටින රිදියාගම ගොවිපොළ 2017 හා 2018 වසර වල රුපියල් මිලියන 173 ක් පාඩු ලබන මට්ටමට පත්ව ඇති බවද කාරක සභාවේදී ඊයේ (07) අනාවරණය විය.

Read More

පදිකයින් රිය අනතුරුවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බව පොලීසිය පවසයි.

Read More

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසි දුම්රිය වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය ගම්බිම් බලා යෑම සඳහා සූදානම් වූ බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව තිබේ.

Read More

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය .

Read More

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි රටපුරා ආන්දෝලනයට තුඩු දුන් විසකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්විය.

Read More

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 343ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ, අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

අද(09) දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ කෙරේ.

Read More

කෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ ‍කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය

Read More

යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනෙකුගෙන් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 40 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,288 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 370,000 ක් බරැති ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ද ප්‍රවාහනය කිරීමට ද දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද (09) සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

Read More

ෂියාන්-6 ශ්‍රේණියේ තුන්වැනි චන්ද්‍රිකාව අද (09දා) පෙරවරු 7.01 ට දියත් කරන ලදී. අභ්‍යවකාශ පරිසර සමීක්ෂණ සහ අදාළ තාක්ෂණයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කිරීමට මෙය යොදා ගන්නා බව කියයි.

Read More

කැන්සිනෝ තනි මාත්‍රාවේ එන්නත චීනය, මෙක්සිකෝව, පාකිස්තානය සහ හංගේරියාව යන රටවල මේ වනවිටත් අනුමැතිය ලබා තිබේ.

Read More

පසුගිය සතියේ අප්‍රිකානු එන්නත ලබාගැනීමේ සන්ධානය අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 55 වෙනුවෙන් එන්නත් මාත්‍රා මිලියන 220ක් සඳහා ජොන්සන් සහ ජොන්සන් සමග ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව මෙම වසරේ තෙවැනි කාර්තුව ආරම්භයේදී මෙම එන්නත් ලබා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Read More

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය

Read More

එල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් පුද්ගලයන් පස් දෙනෙකු යාපනයේ රාජකාරී යෙදවීමේ සිදුවීමට සම්බන්ධව යාපනය නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.

Read More

එදා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ අය අතර ශක්තිමත් සුහදතාවයක් හා මිත්‍රත්වයක් ඇති බව ඊට සම්බන්ධ වූ වෛද්‍යවරු පවසති. එම අවස්ථාවේ දී, ඔවුන් පූර්ණ ආරක්ෂිත ආම්පන්නවලින් සැරසී සිටියද, එක් බැල්මකින් හෝ වචනයකින් එකිනෙදා හඳුනා ගන්නා මට්ටමක සිටි බව කියයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පෝල් කෙලී පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි අවදානම අතිශයින් අඩු වුවත් රටේ විශේෂයන් විසින් විශාල අවදානමක් ඇති අය සඳහා ඔවුන්ගේ උපදෙස් වෙනස් කර ඇති බවයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත සහ රුධිර කැටි ගැසීම අතර යම් සම්බන්ධතාවක් පැවතිය හැකි බවට වූ විශ්වාසයන් සමග ලොව පුරා ඇතැම් රටවල් එම එන්නත් ලබාදීමේ වයස් සීමාවන් හා ක්‍රමවේද වෙනස් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.