දිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදු කරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
එක්පර්ස් පර්ල් නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් තිබෙනවා. නැව පුපුරා යාමක් සම්බන්ධයෙන් නිශ්චිතව කියන්න බැහැ. එහෙම දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
Read Moreනිරෝධායන නීති කඩකරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි ඊයේ (27) දින කොවිඩ් ආසාදිත මරණ 08ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreපවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික කොරෝනා මර්දන ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
Read Moreඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 429 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 415 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 356 ක් වාර්තා වේ. ඉතිරි ආසාදිතයන් 1372 දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වි හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි තිදරු මවකට යළි කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.
Read Moreකොළඹ මැනිං වෙළෙඳපල ඇතුළු ආර්ළුික මධ්‍යස්ථාන අද සහ හෙට දිනවලත් විවෘත නොකෙරේ.
Read Moreඑළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,754,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගතවු පැය 24 තුළදි නිරෝධායනය නීති කඩ කල පුද්ගලයන් 829 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 50,000 ක් 05/27 දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් 05/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉතා සිමිත එන්නත් තොගයක් ලැබි තිබෙන නිසා තෝරා ගත් අධි අවදානම් ප්‍රදේශ වලට එන්නත් කිරිම සිදු වන බවත් අනෙක් ප්‍රදේශවලට එන්නත් තොග ලැබුණු වහාම ව්‍යාප්ත කරන හෙයින් අනවශ්‍ය ලෙස පොදි ගැමෙින් එන්නත් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවිම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුම නැවැත විවෘත කළ අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කලමනාකරණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් පවසයි.
Read Moreගිනි ගන්නා නැවේ අද දවස ලබාගත් ඡායාරූප
Read Moreමහනුවර දිස්ත්‍රික්කය තුලද ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා දිස්ත්‍රික්කයේ එන්නත් කරණය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
Read Moreකොළඹට නුදුරේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම එහි බහාලුම්වල තිබූ අපද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයන් වෙත ගොඩ ගසා තිබේ.
Read Moreසිරිපා වන්දනා වාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩු, සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ 27 දහවල් වනවිට සිරිපා මලූවෙන් ආපසු වැඩම කරවීම අවස්ථා දෙකක දී සිදුකරනු ලැබීය.
Read Moreපවතින සංචරණ සීමා එළඹෙන 31 වැනිදා සහ 04 වැනිදා ලිහිල් කිරීමට තීරණය කර තිබුණද එය වෙනස් වීමට ඉඩ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 790ක් වාර්තා වි තිබේ.
Read Moreමැයි මාසයේ විශ්‍රාම වැටුප් ,ගොවි සහ ධිවර විශ්‍රාම වැටුප්,වැඩිහිටි සහ මහජන ආධාර දිමනා ගැනිමට නොහැකිවු අයට පමණක් හෙට (28) සහ අනිද්දා (29) පෙ.ව 9 සිට පස්වරු 2 දක්වා තැපැල් කාර්යාල විවාතයි.
Read Moreරිටිගල හා පිළිකුත්තුව ප්‍රදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ආවේනික නව දිවාසැරි හූනන් දෙදෙනෙකු සොයාගන්නට පර්යේෂකයන් සමත්වී ඇත. එම හූනන් දෙදෙනා Cnemaspis gunawardanai හා Cnemaspis gunasekarai යනුවෙන් නම්කර ඇත්තේ මෙරට පරිසරය වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ පරිසරවේදින් යුගලක් වන සමන්ත ගුණසේකර හා ආචාර්ය ජගත් ගුණවර්ධන යන මහත්වරුන්ට ගරු කිරීමක් වශයෙන් බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන සමීර සුරංජන් කරුනාරත්න මහතා ’අද’ට පැවසුවේය
Read Moreකටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්ව ඇති අපදව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට පැමිණෙමින් තිබේ. එම රසායනික අපද්‍රව්‍ය ජනතාව එක්රැස් කිරීමට කටයුතු කරන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවලියක් වෙයි. මෙම අපද්‍රව්‍ය ජනතාවට එක්රැස් කිරීම වැළැක්වීමටත් ඒවා වෙරළෙන් ඉවත් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද හඳුනාගෙන ඇත.
Read Moreමෙතෙක් කොවිඩ් එන්නත් ලබා නොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹි සිටින ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ට එන්නත් ලබා දිමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ සාකච්ජාවක් අද (27) රාත්‍රියේදි අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එම් චිත්‍රානන්ද මහතා පවසයි.
Read Moreබාධාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More