පුත්තලම - සාලියවැව පොලීසියේ අධිකරණ කටයුතු භාරව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති රථ පෙළපාළි මේ වන විට ජනාධිපති කාර්යාලය අසලට පැමිණ තිබේ. විරෝධතාකරුවන් ජනපති කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගාලු පාරේ රථවාහන තදබදයක් ද මතුව ඇත.
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විහාරමහාදේවි උද්‍යානයේදී මෙන්ම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අදත් පැය 24 පුරා සිදු කෙරෙනවා.
Read Moreඇතැම් පටු දේශපාලකයින්ගේ අසත්‍ය ප්‍රචාර හමුවේ වත්මන් ආණ්ඩුව ගෙන එන පනත් පිළිබඳ කවුරුත් කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවත් වත්මන් රජය කිසිදු අවස්තාවක මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතිය පෞද්ගලික කරණයට ලක් නොකරන බවත් මේ වන විට ගුරු ගැටළුව ආණ්ඩුවයි ගුරුවරුයි අතර කඹ ඇදිල්ලක් බවට පරිවර්ථනය කර ගන්න ඉතාම සීමිත ගුරුවරුන් පිරිසක් කටයුතු කරන්නේ ඇතැම් දේශපාලන කණ්ඩායමක අරමුණක් සමග බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අ
Read Moreතම රටට පැමිණීම සහ පිටත්වීම අත්හිටුවමින් පනවා තිබූ තාවකාලික තහනම රටවල් කිහිපයක පුරවැසියන් සඳහා ලිහිල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබේ.
Read Moreතම මස්සිනාගේ මවගේ අවමඟුලට එක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවස්ථාව ලැබී තිබේ. මෙම අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද මුණ ගැසී තිබේ
Read Moreඩෙංගු රෝගින් වාර්තා විම මේ වන විට යළිත් ඉහළ යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබේ.
Read Moreපිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
Read Moreපළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාවක් ඇත්තේ රජයේ සේවකයින්ට, පෞද්ගලික ආයතනවල සේවය සඳහා කැඳවා ඇති සේවකයින් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreගාල්ලේ නාගොඩ නිවසේ දී මියගොස් සිටි එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිත බව තහවුරු වූයේයැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
Read Moreආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.
Read Moreහිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) ප්‍රකාශ කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.
Read Moreඊයේ දිනයේද කොරෝනා රෝගීන් දෙදහස් හාරසිය පනස් දෙනෙකු වාර්තා වුණේ අඛණ්ඩව හයවන දිනයටත් රෝගීන් සංඛ්‍යාව දෙදහසේ සීමාව ඉක්මවමින්.
Read Moreතම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන විරෝධතා පාගමන මහනුවරින් ආරම්භ කර තිබේ. මෙම පාගමන කොළඹ තෙක් ගමන් කිරීමට නියමිතය.
Read Moreකොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබද විවාදය එළැඹෙන සිකුරාදා (06දා) නොපැවැත්වීමට තීරණය කළ බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 13 වැනි දිනය අදයි. අද (04දා) පැවති කාන්තා මී. 400 කඩුලු පැනීම අවසන් තරගයෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ 21 හැවිරිදි සිඩ්නි මැක්ලෝග්ලින් සමත් වූවාය. මෙහිදී මැක්ලෝග්ලින් තත්. 51.46ක දක්‍ෂතාවක් දක්වමින් ලෝක වාර්තාවට ලඟා වූවාය.
Read Moreපාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ විරෝධතාවට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (03) පැවති උද්ඝෝෂණය අතරතුර දී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreදින තුනක් තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 370761ක් වෙත එහි දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
Read Moreමෙවැනි ආකාරයේ සිදුවීමක් පසුගිය වසරේ දෙසැම්බර් 02 බණ්ඩාරගම අටලුගම ප්‍ර දේශයෙන් වාර්තා වූ අතර එහිදී කෙළ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙක් වසර 6ක සිර දඩුවමකට යටත් විය.
Read Moreමහනුවර පොලිස් සුනඛයින් පුහුණුකිරීමේ ඒකකය විසින් සිදුකළ පුහුණුකිරීමකින් අනතුරුව පොලිස් නිල සුනඛයින් වන ජොනී හා රොමා යන සුනඛයින් මේ වන විට සාර්ථකව මදුරු කීටයන් හඳුනාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
Read Moreකොවිඩ්-19 වසංගතයට හේතු වූ SARS-CoV-2 වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම උපකාරී වූ බව ෂැංහයි හි කොවිඩ්-19 මර්ධන සායනික විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී ෂැං වෙංහොං අවධාරණය කරයි.
Read Moreගතවූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 103 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreමීට සති කිහිපයකට පෙරදී දෛනික මණ තිස් ගණනක පැවැතියද එය ක්‍රමිකව වර්ධනය වෙමින් 40, 50, 60 දක්වා පැමිණියේය. මෙම සංඛ්‍යාවද තවදුරටත් වර්ධනය කිරීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේදි තහවුරු කළ මරණ සංඛ්‍යාව 74ක් වෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreනවසීලන්තය බොහෝ දුරට කොරෝනා වෛරසයෙන් තොර වන අතර, පෙබරවාරි මාසයෙන් පසු ප්‍රජාව තුළ කිසිදු රෝගයක් වාර්තා වී නැත. එමෙන්ම වෛරසය හොඳින්ම පාලනය කළ නායිකාවක ලෙසද මේ වනවිට ආර්ඩෙන් සිය රට තුළ මෙන්ම, ලොවපුරා ගෞරවාදරයට පාත්‍ර වී ඇත.
Read More“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.”
Read Moreකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් ආසාදනය වී තිබේ. අද දිනයේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී ඔහු මෙලෙස ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර හෙට දිනයේ PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.
Read More