saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 6806 hours ago

LATEST

දරුවන්ගේ ආරක්ෂාවට නව වැඩසටහනක්

calendar_today 2021 අගෝ 05 - 19:40 remove_red_eye - 348  

ජාතික ළමාරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.

ජුලි මස මුලදී කොළඹින් වාර්තා වූ ආසාදිතයන් අතරින් 19.3%ක් වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජුලි මස අවසානය වන විට සියයට 75ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

Read More

දිවයිනේ අනෙකුත් ප්‍රධාන රෝහල් වලට සාපේක්ෂව කළුබෝවිල ශීක්ෂණ රෝහලේ ද කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු පිරි ඉතිරි යාමෙන් බහුතරයක් රෝගීන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේද කොරෝනා රෝග ආසාදිතයින් ඇතුලත් කළ හැකි ධාරිතාවය ඉක්මවා යමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

’’මම ජනතා සේවය, රටේ ගෞරවය, ආගම සහ සදාචාරය ප්‍රචාරය කිරීම සහ සත්‍යයේ සහ යුක්තියේ සහයෝගය සඳහා කැප වෙනවා’’ ඉරාන නව ජනපති රයිසි පැවසීය.

Read More

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් හෙට (06) දිනයේ දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂිම් සමඟ සබදතා පැවැත්විමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 62 දෙනෙකු මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අමුත්තන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීමට ඉඩ සැලසීමට ඇමෙරිකාව සැලසුම් කර ඇති බව ධවල මන්දිරය පවසන බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (04) සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ති​බේ.

Read More

කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා සිට සෙනසුරාදා දක්වා සේවා මුර දෙකකට කැඳවිමට නියමිතය.

Read More

කොවිඩ් ආසාදනය වු දරුවන් 45,831ක් මේ දක්වා වාර්තා වි ඇතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදි පැවසීය.

Read More

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලු 44 දෙනා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

Read More

ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙවරද පැවත්වීමට පියවර ගෙන ඇතැයි කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.

Read More

ගර්භණී මවුවරුන් සේවයට කැඳවීම පිණිස අවශ්‍ය කරන නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නුවර යළිත් කොවිඩ් ආසාදන කිහිපයක් වාර්තා වී තිබේ. මේ අනුව වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා නගරයේ සියලුම ජනතාව සිකුරාදාට පෙර කොවිඩ් පරීක්ෂණ සඳහා භාජනය කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.

Read More

දින දෙකකට වඩා උණ පවතිනවා නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්ට පිටකෝට්ටේ ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව තිබෙනවා.

Read More

වී අලෙවි මණ්ඩලය හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් වී ගබඩා කර තබා ගතහොත් එවැනි වී තොග රාජ සන්තක කිරීමට අවශ්‍ය නීතිය සම්මත කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අපි විශ්වාස කරනවා වර්තමානයේ කරන මේ එන්නත්කරණය අපට සැප්තැම්බර්, ඔක්තොම්බර් විතර අවසන් කර ගන්න. ලංකාවේ වැඩිහිටි ජනගහණය 100% ක් එන්නත්කරණය සිදුකර, එසේ කළ පළවෙනි රට බවට පත්වෙනවා. අපට ලෝකයට හඬගා කියන්න පුළුවන් දැන් ලංකාව සුරක්ෂිතයි ඒ නිසා බය නැතිව එන්න කියලා. අපි විශ්වාස කරනවා 2022-23 වන විට සංචාරක ක්‍ෂෙත‍්‍රයේ විශාල පුනරුදයක් ඇතිවේවි කියලා.

Read More

රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කල බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (05) සඳහන් කළේය.

Read More

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සලකාබැලීමේ දී මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

බන්ධනාගාර රැදවියන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දිම අද සිට කොළඹ බන්ධනාගාරවලින් ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක ප්‍රකාශ කළේය.

Read More

කොළඹදී ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත් ගුරුවරුන්ට ඇඳුම් ලබාදීම සඳහා වරාය පොලීසියට ගිය අවස්ථාවේදි ඒ සඳහා අවසර නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

Read More

ජනාධිපති ලේකම්කාර්යාලය අසළ පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනාගේ සුවදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ වරාය පොලිසිය තුළට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඒ සඳහා අවසර නොලැබුණි.

Read More

පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයට ඇතුළු වන ස්ථානයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පැළඳ සිටි මේස් එක තුළ සඟවාගෙන ජංගම දුරකථන බැටරි සහ දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය අත්හැර දැමීමට තීරණය කර ඇ​ත.

Read More

රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සමග සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.