saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6665 hours ago

LATEST

පොළොන්නරුව මැදිරිගිරිය කොවිඩ් ආසාදිතයින් ඉහළට

calendar_today 2021 ජුලි 18 - 15:01 remove_red_eye - 148  

පොලොන්නරුව මැදිරිගිරිය සෞඛ්‍ය කොට්ඨාශයේන් හදුනාගත් කෝවිඩ් 19 ආසාදිතයින් 104 ක් හමුවීමත් සමඟ පවුල් 265ක සාමාජිකයින් 532ක් අද (18) සිය නිවෙස් වල ස්වයං නිරෝධනයට යොමු කල බව පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දින ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ති​බේ.

Read More

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බංග්ලාදේශ අඹ තෑග්ගක් වශයෙන් යොමුකර තිබේ.

Read More

2020 ජපාන ඔලිම්පික් තරගාවලියේ පදක්කම් ජයග්‍රාහික ජයග්‍රාහිකාවන්ට පදක්කම් පැළදීමට යොදා ගන්නා වේදිකාව ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ එම වේදිකාව ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් සෑදීම හේතුවෙනි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 342 දෙනෙකු හමුව ඇති බවත් මින් 70 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට තෝරාගන්නා කණ්ඩායමේ අවසන් 17 දෙනා අතරට තේරීපත්වීමට ශ්‍රී ලංකාවේ සදනි කුමාරසිංහ දියණිය සමත්වී තිබේ.

Read More

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

’’කරුණාකරලා බාධා නොකර ඔය දොර වහලා එලියට යන්න,’’ කී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහගෙ විස්තරය උනන්දුවෙන් අහගෙන හිටියා. පැය බාගයකට සීමා කරල තිබුණු මීටිම පැය එකහමාරකට වැඩියෙන් ගියා. මහතීර් අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ගැන කොච්චර පැහැදුනා ද කිව්වොත් ඔහු රනිල් ගේ වාහනය ගාවටම පසු ගමන් ආවා.

Read More

පසුගිය දා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඇමරිකාවේ නිශ්පාදිත මෝඩර්නා එන්නත සීගිරිය ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට ලබාදීමේ කටයුතු ආරම්භ කෙරේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 33 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 8112 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කිඹුලා ඇල ගුණාගේ සහෝදරයෙක් වන ඉන්දියාවට පළා ගොස් සිටින සුරේෂ් නැමැත්තාට අයත් රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්කුඩු තොගයක් කොළඹ 12 සෙන්ට්‍රල් පාරේ නිවසක භූගත බංකරයක් තුළ සඟවා තිබියදී එම නිවසේ අඹු සැමි යුවල සමඟ ඊයේ 17 රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කියයි.මත්කුඩු තොගයේ බර කිලෝ13 කට ආසන්න වන බව පොලීසිය සඳහන් කරයි. රෙදි පිලි භූගත බංකරේ උඩින් දමා එය පිටතට නොපෙනෙන සේ වසා දමා තිබූ බව පොලීසිය සඳහන් කරයි.නිවසේ මුළුතැන්ගෙයි ලිප

Read More

ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව ඊයේ (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේ ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරනය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවයි.

Read More

මඩකලපුව දුෂ්කර පළාත් වල සිසුන් සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම ඊයේ ආරම්භ කෙරුණා.

Read More

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද ලුණුවත්ත සතිපොළ ජනතා අයිතියට පැවරීම නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් (17) සිදු කෙරුණි.

Read More

බදුල්ල මහරෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ කෝවිඩ් 19 ආසාදිත රෝගීන් 16ක් ඊයේ (17) සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී හදුනාගත් බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධිකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .

Read More

ලෝකයේ බොහෝ රටවල මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පතවෙමින් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට පමණක් එයින් ගැලවීමට හැකියාවක් නොමැති බවත් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාම බලාපොරොත්තු විය යුතු බවද ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේ​ය.

Read More

කැකිරාවේ පරාවිල ප්‍රදේශයේදි වැටලිමකට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු අනතුරකට පත් කර ට්‍රැක්ටර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර,හන්තාන ප්‍රදේශයේ අඩි 3000 වැඩි සියලුම පුද්ගලික ඉඩම් රජයට පවරාගෙන දැඩි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස රජයට යෝජනා කිරීමට හන්තාන පාරිසරික ආරක්ෂක කමිටුව විසින් තීරණය කර ඇත.

Read More

නිරෝායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 368 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් සියලුම ජනතාව වෙත අද (18 ) දා සිට එන්නත්කරණය සිදු කරන බව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේය.ඩ

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වෙයි.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද පැවැත්වීමට නියමිතව ති​බේ. ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.00 ට මෙය පැවැත්වීමට නියමිතයි.

Read More

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන දුමින්ද සිල්වා මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

Read More

සීදූව පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබී ඇති බව පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හිරු ටී.වී. සළකුණ වැඩසටහනේදී සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න ඔහුට ලිපියකින් පිළිතුරු ලබා දී තිබේ.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා නැමැති සැකකරුට අයත් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෛරසයෙන් අතිරේක මරණයක් වාර්තා කළ අතර, වර්ෂය ආරම්භයේ සිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3ක් දක්වාත්, වසංගතය ආරම්භ වූ දින සිට සමස්ත මරණ සංඛ්‍යාව 913ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

ගේම් එකට බැස්සාම අපි දන්නවා ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. අපේ අය එංගලන්තයට ගිහින් අත්දැකීම් අරගෙන ඉන්නේ. ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ පසු බැසීම් එනවා. පසු බැසීමක් ආවොත් තමයි ඉදිරියට යන්නේ. මේ තරගාවලියේදී අපේ ක්‍රීඩකයන් දක්ෂතාවලට ඇවැති හොඳ තරගයක් දෙයි. අපේ ක්‍රීඩකයන්ව පහළ දාන්න හොඳ නෑ දිරිමත් කරන එකයි කරන්න තියේනේන් ඉදිරියට යද්දී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.