saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7128 hours ago

LATEST

මාලදිවයින ජනපති දිවයිනට

calendar_today 2021 නොවැ 08 - 12:50 remove_red_eye - 299  

මාලදිවයින ජනාධිපති ඉබ‍්‍රහිම් මොහොමඩ් සොලි මහතා අද පෙරවරු 9.45 ට පමණ මෙරටට පැමිණ ඇත.

ගෙවී ගිය දින 07 තුල මෙරටට සංචාරකයන් 9545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රමානුකූලව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩීවෙමින් පවතින බවයි.

Read More

සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

Read More

ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ලබා ගෙන ඇති තොරතුරු පරිදි වසරකට මෙරට තුළ රුපියල් කෝටි 96ක සැෂේ පැකට් අලෙවි වී තිබේ. එමෙන්ම වාර්ෂිකව පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 5475 ඉක්මවයි. මේවා පරිසරයට එක්වීම මත කිසිදු දිනෙක දිරාපත් වන්නේ නැත. මිනිස් ඇසට නොපෙනී යාමට වසර 50 සිට 450 දක්වා කාලයක් ගත වෙන අතර ඒවා ඉන් අනතුරුව ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බවටත් ඉන් පසු නැනෝ අංශු බවටත් පත්ව අවසානයේ පසට මෙන්ම ජලාශ හා සාගරයට ද එකතු වේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

සිය පක්ෂය දැනට ආණ්ඩුවට ඉල්ලීම් කරන පක්ෂයක් බවට පත්වුවත් ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් කරවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (8) උදේ ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කීවේය.

Read More

අද සිට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආවරණය වන ලෙස අද (08) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීනයේ සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබේ.

Read More

රටේ අහිංසක විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

Read More

ගතවූ සති දෙකක කාලයට සාපෙක්ෂව කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය යටතේ ලියාපදිංචි වූ රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් මේ වන වන විට දක්නට ඇතැයි එම ව්‍යාපෘතිය භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කර සිටියාය.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 විසින් ගෙන එන අවිනිශ්චිතතා සහ අභියෝග සමග ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය සිය දැඩි කොවිඩ්-19 මර්දන ප්‍රතිපත්ති ඉදිරියටත් ආරක්ෂා කරන බව කියයි.

Read More

දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (08දා) සිට ආරම්භ වේ.

Read More

ඇමෙරිකානු ’’ ෆයිසර් ’’ එන්නත් 202,000 ක ප්‍රමාණයක් 11/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දෝහා සිට රැගෙන විත් තිබේ .

Read More

’’මෙය සැබවින්ම ජාතික මෙහෙවරක්. අපි සියලු දෙනා එකතු වී අපගේ කාර්යභාරය ඉටු කරන්නේ නම්, අපට මේ අභියෝගාත්මක ශීත කාලය ගතකළ හැකියි. සීමාවන් වෙත ආපසු යාමෙන් වැළකී නත්තල භුක්ති විඳිය හැකියි’’ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය පහත වැටීම නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව එහි වෙළෙද සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා සදහන් කළේය.

Read More

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විරෝධය පළ කර සිටියි.

Read More

චීන ෂෙන්ෂෝ-13 ගගනගාමීන් ප්‍රථම වරට අභ්‍යවකාශයේ සිදුකළ බාහිර ක්‍රියාකාරකම් (EVAs) හෙවත් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ මෙහෙයුම සාර්ථකව සිදුකරයි.

Read More

කෝප් කමිටු වාර්තා ත්‍රිත්වයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වනදා පැවැත්වෙනවා.

Read More

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අහිමිවූ ඉගැන්වීම් පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඇස්තමේන්තුවක් සකස් කර තිබේ.

Read More

සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 46%ක් විශ්වාස කරන්නේ බයිඩන් ජනාධිපති ලෙස බලාපොරොත්තු වූවාට වඩා අනර්ථ කාර්යයක් සිදුකරන බවයි.

Read More

සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව හෙට සිට දුම්රිය ධාවනය කරවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං මිය ගොස් ඇත.

Read More

ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව එරට රජය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙම ප්‍රකාශය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් සඳහන් කරන්නේ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රකාරව සිදුවන, රජය සහ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම අතර රාමුගත ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින - යෝග්‍යතාවය සහ සෘජුබව පවා ප්‍රශ්න කෙරී ඇති- ටෙන්ඩර් පටිපාටියක කොටසක් වන ආර්ථික අයිතීන් නිව් ෆෝර්ට්‍රෙස් එනර්ජි සමාගමට පවරා දීම සිදුවන බවයි. මෙම ටෙන්ඩරය කැඳවා තිබුණේ, ශ්‍රී ලංකාවේ පවතින

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබියදී සොයාගත් කාන්තා මළ සිරුරේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මහර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන්නේය.

Read More

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ’’පානදුර සළිදු’’ නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ මත්කරල් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිටියදී අද (07) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.