විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන "පානදුර සළිදු" නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ මත්කරල් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිටියදී අද (07) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
පානදුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත පානදුර වලපල ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම රැකසිට ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු පැකට් 3600 ක් , මත්කරල් 210 ක් සහ විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, සෙසු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සඳහා තොග වශයෙන් බෙදාහැරීමට යමින් සිටි බවයි .
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර සුමිත් ප්‍රේමතිලක - පානදුර සමන් කාරියවසම්- බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ